මෙම වසරේ මැණික් අපනයන ඇ.ඩො බිලියනයක් දක්වා වර්ධනය කර ගැනීම අපේක්ෂාවයි

0
11


මෙම වසරේ මෙරට මැණික් අපනයනය ඩොලර් බිලියනයක් දක්වා වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරියආරච්චි මහතා පවසනවා.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා මේ බව පැවසුවේ අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්.

දැනට මැණික් අපනයනය සිදුවන්නේ 90%ක් පමණ අවිධිමත් ආකාරයට බවද මේ වන විට පවත්නා ලොකුම අභියෝගය වනුයේ මැණික් අපනයනය විධිමත් අපනයනයක් බවට පත්කිරීම යැයිද මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

මැණික් අපනයනය අවිධිමත් වීමට හේතු සොයා බලා ඒවා නිරාකරණය කරගැනීමට හැකි වුවහොත් මෙම මැණික් අපනයන විධිමත් කරගැනීමට හැකි බවද ඒ මහතා පැවසුවා.

එලෙස මැණික් අපනයනය විධිමත් කරගැනීමට හැකි වුවහොත් මෙම වසර අවසාන වන විට දැනට සිදුවන ඩොලර් මිලියන 360ක් වන අපනයන ඉක්මවමින් ඩොලර් බිලියනය දක්වා මැණික් අපනයනය වර්ධනය කරගැනීමට හැකිවනු ඇතැයිද අවධාරණය කළා.

මෙම වසරේ නව වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක බවත්, ඒ අනුව මෙම වසරේදී එම තත්ත්වය ළඟාකර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවද සභාපතිවරයා පැවසුවා.

එසේ හැකිවුවහොත් ලංකාවේ අපනයන අතර දෙවන හෝ තෙවන ස්ථානයට මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය පත්වනු ඇති බවද එය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රධාන අරමුණ බවද පෙන්වා දුන්නා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here