- බොඩි ලෝෂන්
මුහුණේ සම ශරීරයට වඩා සංවේදියි. ඒ නිසයි වෙනම ක්‍රීම් වර්ග නිපදවන්නේ. ඉතින් ඔබ බොඩි ලෝෂන් මුහුණේ ආලේප කරනවානම් වසංගතයක් වගේ පැමිණෙන කුරුලෑ වලට අනිවාර්යයෙන්ම මුහුණ දිය යුතු වෙනවා.
- සබන්
සබන් වල අඩංගු බොහෝ කෘතීම රසායන මුහුණේ සම වියපත් කරනවා. වියලි බවට පත් කරනවා.
- ටූත් පේස්ට්
සමහර අය කුරුලෑ වියලෙන්න කියලා සම මත ටුත්පේස්ට් තවරනවා. මේ නිසා එම ස්ථානය අධිකව වියලෙන්නට පුළුවන්.
- හෙයා ස්ප්‍රේ
මේකප් එකක් දැමූ පසු එය හොඳින් මුහුණේ රැඳී සිටින්නට පහසු වීමටත්, ඉරි තලන්නේ නැති වීමටත් සෙටින් ස්ප්‍රේ භාවිතා කරනවා. නමුත් සමහරු මේ සඳහා හෙයා ස්ප්‍රේ භාවිතා කරනවා. මෙය ඉතාමත්ම හානිකරයි. සම අධිකව වියලීම, කුරුලෑ ගෙඩි වර්ග සහිත සමක් ඔබට උරුම කර දෙනවා.
- ලෙමන්
ලෙමන් වැනි පැඟිරි කුලයේ ඇති එක රසායනයක් නිසා මුහුණේ සම ආලෝකයට සංවේදී වෙනවා. එහි බලපෑම ඉවත් වන්නට පැය 24 පමණ ගත වෙනවා. ඉතින් ඒ අතර කාලයේදී ආලෝකයට නිරාවරණය වුවහොත් සමට විශාල ලෙස හානි පැමිණෙනවා.
– ඉරේෂා –
The post මෙන්න මේ දේවල් වලින් මුහුණ පරිස්සම් කරගන්න appeared first on SmartLady.
Saru FM Media