අපි මේ ගත කරන්නේ ටිකක් විතර අවදානම් කාලයක්. මව්පියන් විදියට අපි හැමෝම උත්සාහ කරන්නේ අපේ දරුවන් මේ රට පුරා පැතිර යන නව කොරෝනා වෛරසයෙන් බේරගන්න. ඒ වෙනුවෙන් දරුවන්ව නිවසේම රඳවගන්න වගේම පෝෂණීය ආහාර, විවේකය ලබා දෙනවා. සිරුරේ ප්‍රතිශක්තිය ඉහළ නංවන්න සුදුසු ආහාර වර්ග ගැන හැම නිතරම සැලකිලිමත් වෙනවා. වැඩිහිටි අපිට වගේම පොඩ්ඩන්ටත් සිරුරේ ප්‍රතිශක්තිකරණය ඉහළ නංවන්න සුදුසු ආහාර වර්ග ගැන කතා කරන්න අපි හිතුවේ ඒ නිසයි.
මේදය අඩු, පැලෑටි මුල් කරගත් ආහාර මගින් බැක්ටීරියා, වෛරස හා වෙනත් රෝග ඇති කරන ක්‍ෂුද්‍ර ජීවින් විනාශ කිරීමට සමත් ප‍්‍රතිදේහ නිපදවනවා. මේදය අඩු ආහාර ගැනීමෙන් ප‍්‍රතිශක්තීකරණ පද්ධතියේ ආරක්‍ෂාව ශත්තිමත් වන බව අධ්‍යයනවලින් පවා හෙලි වී තිබෙන කරුණක්.
නිරෝගී ශරීර බරක් පවත්වා ගැනීම ප‍්‍රතිශක්තීකරණ පද්ධතියට ප‍්‍රයෝජනවත් වෙන බව අපි කවුරුත් හොඳින් දන්නවා. තරබාරු බව ඉන්ෆ්ලූවෙන්සාව, නියුමෝනියාව වැනි වෙනත් ආසාධනවලට හේතු විය හැකියි. ශාක ආහාර ශරීර බර අඩු කිරීමට උපකාරී වේ. ඒවා තන්තු බහුල කැලරි ප‍්‍රමාණය අවම තත්ත්වයේ පවතින ආහාර වර්ග නිසා බර වැඩි වීමක් සිදු වෙන්නේ නැහැ. අපේ සිරුරේ BMI අගය ප‍්‍රශස්ත මට්ටමක තබාගන්න වගේම හොඳ ප‍්‍රතිශක්තියක් පවත්වා ගන්නත් මේ ශාක ආහාර සහය වෙනවා.
අපේ සිරුරේ ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩිදියුණු කර ගැනීමට ඉවහල් වන ආහාර වර්ග
පැඟිරි කුලයේ ආහාරවල විටමින් C අඩංගු වන අතර එමගින් කාර්යක්‍ෂම ලෙස ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩිදියුණු කරනවා. ප‍්‍රතිශක්තීකරණ ඇති කරවන විටමින් අතර ප‍්‍රබල විටමිනයක් වන විටමින් C දිනපතා ආහාරයට එක් කරගැනීමෙන් අපේ සෞඛ්‍ය වැඩිදියුණු වේ. ශරීරය තුළ විටමින් C නිපදවීම හා ගබඩා කිරීම සිදු නොකරන නිසා ආහාර මගින් ලබාගත යුතුය. නමුත් බොහෝ ආහාරෙවල විටමින් C අඩංගු වන නිසා ඖෂධ ලෙස අමතරව ගැනීමක් අවශ්‍ය නොවේ. මීට අමතරව ආහාරයේ ඇති යකඩ අවශෝෂණයටද උපකාරී වේ. විටමින් C වල ප‍්‍රතිඔක්සිකාරක (antioxidant) ගුණයක් පවතී.
(ඔක්සිකාරකයක් යනු අපේ ශරීරය free radicals (ශරීරය මගින් ආහාර බිඳ හෙලීමේදී/විකිරණ/දුම්පානය (දුම්කොළ සහිත) කිරීමේදී නිපදවන අණුයි) මගින් ආරක්‍ෂා කරන මූලද්‍රව්‍යයකි. හෘද රෝග, පිළිකා හෝ වෙනත් රෝගවලදී මෙම ඔක්සිකාරක ගුණය වැදගත් වේ. දොඩම් නාරන් පේර මිදි ස්ට්‍රෝබෙරි ඇතුළු විටමින් C අඩංගු ආහාර ලබාගැනීම මෙහිදී වැදගත් වෙනවා.
ඉවුම් පිහුම්වලදී අම්මලාට නැතිවම බැරි කුළු බඩු වර්ගයක් වන කහ ප‍්‍රතිඔක්සිකාරක හා ප‍්‍රති ප‍්‍රදාහක ගුණයකින් යුක්ත කුළුබඩු වර්ගයකි. එය අපේ සිරුරේ ප්‍රතිශක්තිකරණ හැකියාව ඉහළ නැංවීමට විශාල කාර්යභාරයක් ඉටු කරයි.
බතලවල විටමින් A අඩංගු බීටා කැරොටීන් නම් ප‍්‍රතිඔක්සිකාරකය අඩංගු වන අතරම එමගින් සමට මනා පැහැයක් ලැබෙනවා සේම එය සම අධෝරක්ත කිරණ (Ultra Violet rays) වලින් ආරක්‍ෂා කරගැනීමට උදව් වේ.
නිවිතිවල අත්‍යවශ්‍ය පෝෂක හා ප‍්‍රතිඔක්සිකාරක වන Flavanoids,Carotenoids,විටමින් C, විටමින් E අඩංගු වන අතරම ඒවා ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩිදියුණු කිරීමට දායක වේ. Flavourids මගින් සෙම්ප‍්‍රතිශ්‍යාව වළක්වයි.
ආහාර, තේ පැන් රස කිරීමට භාවිත ඉඟුරුවල ප‍්‍රතිප‍්‍රදාහක (anti inflammatory) ගුණයක් හා ප‍්‍රතිඔක්සිකාරක ගුණයක් පවතින නිසා සාර්ථක ලෙස රෝග වැළැක්වීමට උදව් කරයි. තවද ඉඟුරුවල පවතින Shagaols, gingerols යන සක‍්‍රීය සංයෝග මගින් ආහාර නිසා කාලානුරූපීව ඇති වන රෝගවලින් වළක්වයි. ආහාර ජීර්ණයට ද උදව් වේ.
සුදු ලූණු හා ලූණු ආහාර රස කිරීම සඳහා යොදාගනී. සෙම්ප‍්‍රතිශ්‍යාව හා වෙනත් රෝග වැළදීමේ අවදානම අඩු කරයි. සුදු ලූණුවල අන්තර්ගත anicillin හා ලූණුවල අන්තර්ගත Quercetin නම් සක‍්‍රීය සංයෝග මගින් ආහාර නිසා කාලානුරූපීව ඇති වන රෝගවලින් වළක්වයි. ආහාර ජීර්ණය පහසු කරන අතර හෘදයේ නිරෝගීතාවය රකී.
මෙහි flavanoid වර්ගයේ anthocyanin නම් ප‍්‍රතිඔක්සිකාරකය අඩංගුය. මෙය අපේ ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය දියුණ කිරීමට ඉවහල් වේ. විශේෂයෙන් ස්වසන පද්ධතියේ රෝගවලින් මුදවා ගැනීමට උපකාරී වේ.
මේවායේ විටමින් C අඩංගු වේ. Sulforaphane නම් ප‍්‍රතිඔක්සිකාරකය අඩංගු වේ. මේ නිසා දිනපතා ආහාරයට ගත හැකි ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩිදියුණු කරවන එළවළුවකි.
මෙහි Caffeine සුළු ප‍්‍රමාණයක් අඩංගු වන වේ. ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරයි. මෙහි ඇති ප‍්‍රතිඔක්සිකාරක වන Flavanorids මගින් සෙම්ප‍්‍රතිශ්‍යාව ඇතිවීමේ අවදානම අඩු කරයි.
වට්ටක්කා කුලයට අයත් එළවළුවල ප‍්‍රතිඔක්සිකාරක, විටමින් A, විටමින් C, මැන්ගනීස්, මැග්නීසියම්, ෆෝලේට් වැනි ඛනිජ ලවණ අඩංගු වේ. ප‍්‍රතිශක්තිරණ පද්ධතිය ශක්තිමත් වේ.
ප‍්‍රතිප‍්‍රදාහක ගුණයක් පවතී. සුලබ රෝගවලට ප‍්‍රතිරෝධීය විටමින් A,C,K හා තන්තු අඩංගු වේ.
මෙහි විටමින් A, B1, B2, විටමින් C හා ප‍්‍රතිඔක්සිකාරක වන Flavanoids, Carotenoids හා Phenolic acid, poly phenol අඩංගු වේ. ප‍්‍රතිශක්තිරණය වැඩි දියුණු කරයි. ප්‍රෝටීන බහුල අහාරයක් වන අතරම ප්‍රෝටීන මගින් ප‍්‍රතිඔක්සිකරණය ඇති කරයි.
කජු, රටකජු, වට්ටක්කා ඇට වැනි ඇට වර්ගවල ප්‍රෝටීන බහුලය. මේදය, තන්තු, විටමින්, ඛනිජ ලවණ අඩංගුය. විටමින් E අධිකව පවතින අතර ප‍්‍රතිඔක්සිකාරක ගුණයක් පවතී.
ආහාර ජීර්ණය හිතකර Probiotics (good bacterial – හිතකර බැක්ටීරියා) අඩංගු වේ. ආහාර ජීර්ණ පද්ධතියේ නිරෝගීතාවය ආරක්‍ෂා කරයි. මේවායේ ප‍්‍රතිශක්තිරණය උත්තේජනය කළ හැකි ගුණයක් අඩංගු වේ.
Saru FM Media