මෙන්න අවසන් ප්‍රතිපලය! මාස 6ට අනුර ලක්ෂ 23ක් ඡන්ද නැති කර ගනී! 61%ට තිබ්බ ප්‍රතිශතය 43%ට බහී! මාස 6ට සජිත් ඡන්ද ලක්ෂ 3ක් වැඩි කර ගනී! ප්‍රතිශතය 17% සිට 21%ට නගී! නාමල් මාස 6ට ඡන්ද ලක්ෂ 6ක් වැඩි කර ගනී! 3%ක ප්‍රතිශතය 9%ට නගී! දිලිත් ඡන්ද ලක්ෂයක් වැඩි කර ගනී! ප්‍රතිශතය 2.8%යි! I Sri Lanka Latest News

0
3


2025 පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය (NPP) ඡන්ද 4,503,930ක් (43.26%) ලබා ගනිමින් ශ්‍රී ලංකාව පුරා ආසන 3927ක් ලබා ගෙන ඇත.Sri Lanka Latest News

නිල ප්‍රතිඵලවලට අනුව, ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතන 266ක ඉදිරියෙන් සිටින අතර, ඒවාට මහ නගර සභා 23ක්, නගර සභා 26ක් සහ ප්‍රාදේශීය සභා 217ක් ඇතුළත් වේ.

කෙසේවෙතත් 2024 නොවැම්බර් මාසයේ පැවැති මහ මැතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය ඡන්ද 6,863,186ක් ලබාගත් අතර, එය ප්‍රතිශතයක් ලෙස 61.56%කි.

ඒ අනුව මාස 6ක් ඇතුළත මාලිමාව ඡන්ද විසිතුන් ලක්ෂ පනස්නවදහස් දෙසියපනස් හයක් (2,359,256) ඡන්ද අහිමි කරගෙන තිබේ.

සමගි ජන බලවේගය මෙවර මැතිවරණයෙන් (SJB) ඡන්ද 2,258,480ක් (21.69%) ලබා ගනිමින්, ආසන 1767ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ සිටී. එම පක්ෂය නගර සභා 02ක් සහ ප්‍රාදේශීය සභා 11ක් ඇතුළුව පළාත් පාලන ආයතන 13ක ඉදිරියෙන් සිටී.

එහිදී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පසුගිය මහමැතිවරණයේදී ලබාගත්තේ ඡන්ද 1,968,716කි. එය 17.66%ක ප්‍රතිශතයකි.

ඒ අනුව මාස 6ක් ඇතුළත සමගි ජන බලවේගය ඡන්ද දෙලක්ෂ අසූනවදහස් හත්සිය හැටහතරක් (289,764ක්) වැඩි කරගෙන තිබේ.

ඉකුත් මහ මැතිවරණයේදී නාමල් රාජපක්ෂ මහතාගේ ජාතික සංවිධායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 350,429ක් ලබාගැනීමට සමත් වූ අතර, එය ප්‍රතිශතයක් වශයෙන් 3.14%කි. මෙවර පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව ඡන්ද 954,517ක් ලබා ගත් අතර එය ප්‍රතිශතයක් වශයෙන් 9.17%කි. මෙවර ඡන්දයේදී පොහොට්ටුව ඡන්ද 604,088ක් වැඩි කරගෙන තිබේ.

සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මහතාට පසුගිය මහමැතිවරණයේදී ලබාගත හැකි වූයේ ඡන්ද 178,006ක් පමණි. එය ප්‍රතිශතයක් වශයෙන් 1.6%කි. මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඒ මහතාගේ පක්ෂය ලබා ගෙන ඇත්තේ ඡන්ද 294,681ක් පමණි. එය ප්‍රතිශතයක් වශයෙන් 2.83%කි. ඒ අනුව මෙවර දිලිත් ජයවීර මහතාගේ පක්ෂය ඡන්ද 116,675ක් වැඩි කරගෙන තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here