මෙණ්ඩිස් අති විශේෂ කිරීමට කුසල්ට සහ කමිඳුට හැකි වෙයි

0
4

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW:

මෑත කාලය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හොඳ නැත.බොහෝ විවේචන සිඳුවෙමින් පවතින්නේය.වැඩියෙන්ම විස්සයි විස්ස තරග ගැනය.ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ගැන විශාල වශයෙන් විශ්වාසයක් නැති වුව ද,ඔවුන් සියල්ලගේ දක්ෂතා එක මිටිට එකතු වූ විට අයර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගය පවත්වන්නට පෙර අප තැබූ සටහන මෙන් වන්නට ඇති ඉඩ සුවිශාලය.ශ්‍රී ලංකාව එවැනි පරිසරයක පරද්දන්නට නොහැකිය.අයර්ලන්තය සමඟ පැවති තරගයේදී ඒ වැඩේ සිද්ධ විය.ලකුණු 20 න් අයර්ලන්තය පරදවා ශ්‍රී ලංකාව ජය ගත්තේය.

ශ්‍රී ලංකාව එංගලන්තයට පරාජය වූ අවසාන විස්සයි විස්ස තරගයේදී බොහෝ දෙනා බැන්නේ ශ්‍රී ලංකාවට ලකුණු 128 හඹා යන්නට බැරි වූ බව කියමින්ය.එම තරගයේද්,තරගාවලියේද වීරයා වූ සෑම් කරන් පැවසුවේ එම තණතීරුවේ ලකුණු 135 ක් ප්‍රමාණවත් බව සිය කණ්ඩායම තීරණය කර තිබුණු බවය.අයර්ලන්ත තරගය නිමාවේ තරගයේ විරයා වූ කමිඳු මෙණ්ඩිස් පැවසුවේ තම කණ්ඩායමේ අදස වූයේ ලැබී තිබුණ තණතීරුවේ ලකුණු 170 ට වැඩි ලකුණු ප්‍රමාණයක් තිබුණ බවයි.එහෙත් ක්‍රීඩා කරන විට 160 ප්‍රමාණවත් බව හැඟුණ බවයි.

කෙසේ නමුත් කමිදු ද අයර්ලන්තයේ හඹා යාම 15 – 16 පන්දු ඕවර් දක්වාම හොඳින් පැවිතුණු බව පිළිගත්තා.එහෙත් මහේෂ් තීක්ෂණ සහ වනිදු හසරංගත් ඊට පෙර දුනිත් වෙල්ලාලගේත් හොඳින් සිය පන්දු යැවීමේ වගකීම ඉටු කළා.තීක්ෂණ ලකුණු 23 ට ත්,වනිදු ලකුණු 25 ට ත් කඩුලු 3 බැඟීන් ලබා ගන්නට සමත් වුණා.දුුෂ්මන්ත චමීර සහ මතීශ පතිරණත් අවසාන පන්දු ඕවර් දෙක හොඳින් යැවූ අතර විශේෂයෙන් ලසිත් මාලිංග හතරේ සීමාවෙන් පිටත සිට මතීශව මෙහෙයවන බවක් පෙනෙන්ට තිබුණ නිසා ඔහු විසින් වයිඩ් පන්දු යැවීම එකකට සීමා කළ අතර සමස්ත තරගයටම අතිරේක ලකුණු 06 ක් සටහන් වූ අතර ශ්‍රී ලංකා පන්දු යවන්නන් වයිඩ් පන්දු යවා තිබුණේ 2ත් පමණක් වීමත් මේ ජයග්‍රහණයේ හේතුවක් හැටියට ගත යුතුයි.

ඉලක්කයට පන්දු යැවීම වගේම ශ්‍රී ලංකා පන්දු යැවීම ද ඉහළ මට්ටමක පැවති අතර හතරේ සීමාව ආසන්නයේ කමිල් මිෂාර ප්‍රමුඛව,පවන් රත්නායක සහ දසුන් ශානක විස්න් ආවරණය කරන ලද ලකුණු ප්‍රමාණය ද ජයග්‍රහණයේ සාධක ලෙස ගත හැකියි.එහෙත් ශ්‍රී ලංකාවේ දුර්වලකමක් ලෙස දැකිය හැකි වේගයෙන් කඩුලු අතර දිවීමේ කාර්යේදි නම් ශ්‍රී ලංකා පිතිකරුවන් අයර්ලන්තයටත් පිටුපසින් සිටිය බව කිව යුතුයි.

කමිදු මෙණ්ඩිස් පන්දු 19 දී මේ අසීරු පිතිකරණයට අපහසු තණතීරුවෙන් ලකුණු 44 ක් ලැබීම වීරත්වයක් යන කාරණය අවිවාදිත නමුත් තරගය ලකුණු 163 ක් තරම් දුරට කැඳවාගෙන ඒමේ වගකීම ඉටු කිරීම සඳහා මූලිකත්වය ගත්තේ කුසල් මෙණ්ඩිස් යන්න ද පිළිගත යුතු වෙනවා.ජෝර්ජ් ඩොක්රේල් මෙන්ම ගරේත් ඩිලෙනි දඟ පන්දුවෙන් ඇති කළ පීඩනය හමුවේ ඉවසා සිටීම වැදගත් බව කුසල් තේරුම් ගෙන කණ්ඩායම වෙනුවෙන් කඩුල්ල පූජා නොකර සිටිය යුතු බව තීරණය කිරීම වැදගත් වුණා. කුසල් සහ කමිඳු වූ මෙණ්ඩිස් යුගලය පස්වන කඩුල්ලට එක් කළ වේගවත් ලකුණු 67 ක සබඳතාවය ජයග්‍රහණයේ නැම්ම වූ අතර කුසල් සිය වගකීම පැහැදිළිව ඉටු කරමින් අංක තුන පිතිකරු ලෙස පැමිණ පන්දු 43 න් ලකුණු 56 ක් ලබා ශ්‍රී ලංකාව පන්දු ඕවර් 20 නිමාවේ කඩුලු 6 ට ලකුණු 164 ක් ලබද්දිත් නොදැවී සිටියා.

එසේම අයර්ලන්ත කණ්ඩායමේ පන්දු රැකීමේ දුර්වලකමද ශ්‍රී ලංකාවට ආශිර්වාදයක් වුව ද කමිල් මිෂාර වැනි පිතිකරුවන් එවැනි අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීම නොදන්නා බව මේ තරගයේදීත් පැහැදිළි කළේ අවස්ථාවන් දෙකක් ලබා දුන් පසුවත් එයින් ප්‍රයෝජන නොඟෙන ලකුණු 14 ට දැවී යාමෙන්ය.

කෙසේ නමුත් අයර්ලන්තය මෙම ලකුණු ප්‍රමාණය හඹා යාමේ හැරී ඩෙකර් (40) රොස් ඇඩෙයාර් (34) සහ ලෝකන් ටකර් (21) සාර්ථක උත්සාහයක් ගත්ත ද ලකුණු ලබා ගැනීමේ වේගය අවශ්‍යය ඉලක්කය කරා යන්නට නොඳුන්නොත්,අවසාන භාගයේ ශ්‍රී ලංකාවට තරගයේ යම් පාලනයක් අත්කරගත හැකි බව දැන සිටි ශ්‍රී ලංකාව කළබලයට පත් වුණේ නැහැ.ඒ තණතීරුවේ ස්වභාවය ගැන දැන සිටි නිසයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here