මෙක්සිකානු නාවික හමුදාවට අයත් නෞකාවක් පාලමක ගැටී දෙදෙනෙකු මරුට – 22කට තුවාල

0
2


මෙක්සිකානු නාවික හමුදාවට අයත් දැවැන්ත පුහුණු නෞකාවක් නිව්යෝර්ක් නගරයේ බෘක්ලින් පාලමේ ගැටී අනතුරක් සිදු වී තිබෙනවා. 

අමෙරිකාවේ සංචාරයක නිරත වෙමින් තිබූ එම නෞකාවේ කුඹුක්ගස්වල කොටසක් පාලමේ ගැටී ඇති අතර එම ගැටුණු කොටස් නෞකාව තුළට කඩා වැටී තිබෙනවා. 

ඉන් දෙදෙනෙකු මිය ගොස් පුද්ගලයින් 22කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුර සිදුවන අවස්ථාවේදී 277කට ආසන්න කාර්ය මණ්ඩලයක් නෞකාව තුළ සිට තිබෙනවා. 

අනතුරින් පසු පාලම වසා දැමීමට නිව්යොර්ක් නගරයේ බලධාරීන් පියවර ගෙන තිබූ අතර විනාඩි 40කට ආසන්න කාල සීමාවකික් පසුව නැවත පාලම විවෘත කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

කෙසේවෙතත් අනතුරින් පාලමට කිසිදු හානියක් සිදුව නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරට ලක්වූ නෞකාව සංචාරය කිරීම සඳහා ඉකුත් අප්‍රේල් 06 වනදා මෙක්සිකෝවේ ඇකපුල්කෝ වරායෙන් පිටත්ව තිබෙනවා. 

අඩි 297ක් දිග සහ අඩි 40ක් පළල එම නෞකාව පළමු වරට 1982 දී යාත්‍රා කර ඇති අතර සෑම වසරකම නාවික හමුදා කැඩෙට් නිලධාරීන්ගේ පුහුණුව අවසන් කිරීම සඳහා එය භාවිත කරනු ලබනවා. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here