දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගත් මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන පාර්සල් 50ක පමණ ප්‍රමාණය තංගල්ල ධීවර වරාය වෙත රැගෙනවිත් තිබේ.
අද (14) සවස්වරුවේ මෙම මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන පාර්සල් රැගෙන ආ බව වාර්තා වෙයි.
එම පාර්සල්වලින් 3ක් තුළ හෙරොයින් ඇති බවට සැකකරන බවත් අනෙක් පාර්සල 48 තුළ අයිස් මත්ද්‍රව්‍ය ඇති බවට සැකකරන බවත්ය නාවික හමුදාව පවසයි.
අදාළ මත්ද්‍රව්‍ය තොගය උනාකූරූවේ ශාන්ත නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ බවට සැකකෙරෙන බව වාර්තා වෙයි.
මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන පාර්සල් 50ක් පමණ දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (14) සොයා ගෙන තිබුණි.
යාත්‍රා 3ක් මගින් රට තුළට මත්ද්‍රව්‍ය තොගයක් ගෙන ඒමේ වෑයමක් පිළිබඳ තොරතුරු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාට ලැබී තිබුණේ ඉකුත් සැප්තැම්බර් මුලදීය.
ඒ අනුව පොලිස්පතිවරයාගේ ඝෘජු අධික්ෂණය යටතේ නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය දින 32ක් පුරා දෙවුන්දර සහ තංගල්ල මුහුදු තීරයේ සෝදිසි මෙහෙයුම් සිදුකර තිබුණි.
අදාළ යාත්‍රාවල පිරිස් සම්බන්ධ කරගත් ඔවුන් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් ලබාදී තිබුණේ නොමැත.
යාත්‍රා පවතින ස්ථානය හඳුනාගැනීම සඳහා එහි සවිකර තිබූ VMS පද්ධතියද ඔවුන් ක්‍රියාවිරහිත කර තිබුණි.
මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ලබාගැනුණද අදාළ යාත්‍රා 3 පිළිබඳ තොරතුරුක් ලැබී තිබුණේ නොමැත.
Saru FM Media