මුහුණේ සුන්දරත්වයට බාධා කරන පිම්පල්ස් වලට නිවසේදීම කළ හැකි සත්කාර

0
10


අපේ සුන්දරත්වය නිසි ලෙස පවත්වාගෙන යන්න මුහුණේ සුන්දරත්වය හරිම වැදගත්. මුහුණේ ලස්සනට බාධා කරන ප්‍රධානම සතුරන් තුන් දෙනෙක් හැම කාන්තාවකටම වගේ ඉන්නවා. ඒ පිම්පල්ස්, වයිට් හෙඩ්ස් සහ බ්ලැක් හෙඩ්ස්. ඒ අතරින් බොහෝ දෙනෙක් පීඩාවට පත් කරන්නේ කුරුලෑ නැතිනම් පිම්පල්ස් ,ඉතින්  ඔබට කුරුලෑ හට ගන්නේ ඇයි කියලා වගේම  කුරුලෑ  පාලනය කර ගන්න කළ හැකි ස්වභාවික ප්‍රතිකාර මොනවාද කියලා අපි අද කතා කරනවා

මේකප් නිසි ලෙස ඉවත් නොකිරීම වගේම මුහුණට ගැළපෙන ෆේස් වොෂ් එකක් තෝරාගෙන මුහුණේ තෙල් ගතිය නිවැරදිව පාලනය නොකිරීම පිම්පල්ස් එන්න හේතුවක්.

හෝමෝන ආශ්‍රිතව විවිධ ගැටලු ඇති කාන්තාවන්ගේ මුහුණේ ද සාමාන්‍යයෙන් කුරුලෑ වැඩියි.

ජානමය තත්ත්වයක් ලෙසත් කුරුලෑ හට ගන්න පුලුවන්

වියළි කාලවලදී දූවිලි වැදී මුහුණ අපිරිසිදු වීම නිසා ද ශීත කාලයේ දී ඇඟේ උෂ්ණත්වය පිට කිරීම නිසා ද කුරුලෑ හට ගන්නවා.

වියළි සමක් තෙත් සමක් බවට පත් කර ගැනීමට නිතරම පැක් යෙදීම නිසා සමේ තෙල් ගතිය වැඩි වෙනවා. එවිට ද කුරුලෑ හට ගන්න පුලුවන්

උපත් පාලන පෙති වලින් සිරුරේ හෝමෝන වෙනස්කම් ඇති කිරීම නිසා ද කුරුලෑ හට ගන්නවා. නමුත් ඒව බොහෝ දුරට කල් යත්ම පාලනය වෙනවා.

සිරුරේ අපද්‍රව්‍ය (Toxin හෙවත් ධූලක) දහඩිය සහ මුත්‍රා වලින් පිට කරනවා. එම ක්‍රියාවලිය නිසි පරිදි සිදුවීමට තරම් ප්‍රමාණවත් ලෙස ජලය ලබා නොගත්තොත් ඒ ක්‍රියාවලියට බාධා ඇති වෙනවා.ඒ නිසා සිරුරේ වැඩිවන ටොක්සින් ප්‍රමාණය නිසාත් කුරුලෑ හට ගන්නවා.

ආතතියට පත් වීම නිසාත් කුරුලෑ  හට ගන්න පුලුවන්

චොකලට් වැනි පැණි රසට ඇති ඇබ්බැහියත් තෙල් සහිත ආහාර junk foods ආදියට ඇබ්බැහියත් ඔබට කුරුලෑ ඇති කරන්න හේතුවක්

පිම්පල්ස් වැඩිපුරම එන්නේ මුහුණේ ඇති T zone එකේ. (නළල,නහය, නිකට) සහ කම්මුල් දෙක ආශ්‍රිතවයි.

ස්වභාවික සත්කාර කරන්න කලින් අප කළ යුතුම දෙයක් තමයි ඇඟ සිසිල් කර ගැනීම. ඔබ මේ සඳහා ආයුර්වේද වෛද්‍යවරයෙක් මුණ ගැසී නිර්දේශ සහිතව ප්‍රතිකාර ලබා ගැනීම හොඳ දෙයක්.
හොරිවිල පාරම්පරික වෛද්‍ය ශාන්ත සේනාරත්න මහතාගෙන් අපි  සිරුරේ සිසිල් බව වැඩි කරන පානයක් ගැන විමසුවා.
එතුමා පවසන අන්දමට ත්‍රිපලා (අරළු,බුළු,නෙල්ලි) කසාය මේ සඳහා ඉතා හොඳින් ගැලපෙනවා එමඟින් සිරුරේ සිසිල් බව වැඩි කරනවා.සිරුරේ අධික උෂ්ණාධික බව නිසා පිම්පල්ස් වලින් පීඩා වෙන ඕනෑම කෙනෙක් ට පොදුවේ පාවිච්චි කරන්න පුලුවන් කසායක් තමයි මේ.නමුත් වඩාත්ම සුදුසු වන්නේ ඔබ ආයුර්වේද වෙද්‍ය වරයෙක් මුණ ගැසී මේ සදහා ඔබට ගැලපෙන බෙහෙත් හෝ කසාය ලබා ගැනීමයි.

මීට අමතරව සිරුරේ උෂ්ණාධික බව නිසා පිම්පල්ස් නිතර එන කෙනෙක් නම් පොදුවේ සිරුරේ උෂ්ණාධික බව අඩු කරන පාන ගැන අපේ වෙබ් අඩවියේ පළ වූ මේ ලිපියෙන් තොරතුරු දැන ගන්නත් පුලුවන්

මේ ආකාරයට ඇඟේ උණුසුම අඩු කරගන්නේ නැතිව ඔබ සත්කාර කිරීමේ තේරුමක් නැහැ. නැතිනම්  කුරුලෑ අඩු නොවෙන විට සත්කාර වල වරදක් යැයි ඔබ වැරදි වැටහීමකට පත් වෙන ඉඩ වැඩි වෙන්න පුලුවන්.

මෙය අනිවාර්යයෙන් කළ යුතු ප්‍රතිකාරයක්. මුහුණේ විෂබීජ පාලනයට මෙය ඉතා අපූරුයි. වතුර කෝප්ප බාගයකට දෙහි බෑයක යුෂ මිරිකා ගන්න. මුහුණ ෆේස් වොෂ් යොදා සෝදා ගැනීමෙන් පසු මේ ආලේපනයෙන් නැවත මුහුණ සෝදන්න. මෙය මිනිත්තු පහළොවක් පමණ මුහුණේ තබා ගන්න.

මීකිරි සහ දෙහි යුෂ එකට මිශ්‍ර කර ක්ලෙන්සර් එකක් ලෙස භාවිතා කරන්න.

මෙය ඇක්නි තත්ත්වයට ඉතාම හොඳ ක්ලෙන්සර් එකක්.

කෝමාරිකා යුෂ ද ඉතා හොඳ ක්ලෙන්සර් එකක්.  මුහුණට කිසිම හානියක් නොවන ඕනෑම මුහුණකට ගැලපෙන ක්ලෙන්සර් එකක්.

තක්කාලි යුෂ වලින් සාදා ගන්නා ක්ලෙන්සර් එකත් කුරුලෑ මට්ටු කරන්න හොඳ ප්‍රතිකාරයක්.

ඉහත ආකාරයට ක්ලෙන්සර් එකක් භාවිතා කළ පසු විනාකිරි තේ හැන්දකට වතුර තේ හැන්දක් එක්කර එය ගෝස් කැබැල්ලකින් පොඟවා පිම්පල්ස් මත තබා ගන්න.

ඉහත කුමන හෝ ක්ලෙන්සර් එකකට පසු මේ පැක් එක භාවිතා කරන්න.

මීට අමතරව ග්‍රීන් ටී බීමත් ඔබේ පිම්පල්ස් පාලනය කරන්න හේතුවක්.කුරුලෑ සහිත සමක් තිබෙනවා නම් අනිවාර්යයෙන් ටී ට්‍රී ඔයිල් සහිත ෆේස් වොෂ් එකක් තෝරා ගැනීමත් ඔබ කළ යුතුම දෙයක්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here