මුහුණේ සම එල්ලා වැටීම නවත්වා තරුණ පෙනුම රැක දෙන නවීනම ප්‍රතිකාරයක් ?

0
14


පුද්ගලෙයකු වයසට යන විට තරුණ වියේදී ශක්තිමත්ව තිබූසම ලිහිල්ව එල්ලා වැටෙනවා දකින්නට පුළුවන්මේ නිසා වයසට වඩා වයසක පෙනුමක් ලැබීම බොහොමයක් දෙනෙකුට ගැටළුවක්මෙය බොහෝවිට තරබාරු කාන්තාවන්ගේ වැඩියෙන් දකින්නට පුළුවනිනමුත් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග මේ සඳහා දියුණු ප්‍රතිකාර ක්‍රම සොයාගෙන තිබෙනවාඒ අතරින් වඩාත් ප්‍රචලිත ප්‍රතිකාරය වන්නේ ත්‍රෙඩ් ලිෆ්ට් ක්‍රමයයි.

මෙහිදී කරන්නේ ඉතා සිහින් තන්තු වර්ගයක් සමට ඇතුළු කිරීමයි .එමගින් සම එල්ලා වැටීම වළක්වනවාමෙම ප්‍රතිකාරය වඩාත්ම සුදුසු බෙල්ලේ සහ මුහුණේ යට පෙදෙසටයිමෙම ප්‍රතිකාරය වේදනාකාරී එකක්එහෙත් එම වේදනාව නැති කිරීමට වේදනා නාශක සමේ බාහිරින් ගල්වනු ලබනවානැතහොත් එන්නත් කරනවාකුඩා තන්තු සම තුලට ඇතුළු කිරීම සඳහා එන්නත් කටුවක් භාවිතා කරනවාසමට තන්තු ඇතුල් කිරීමෙන් පසුව කටුව ඉවත් කරනවා.

ප්‍රතිකාරය කළ වහාම එම ප්‍රදේශයේ වෙනස්කම් පෙනෙනවාඑහෙත් දින කිහිපයකින් පසුව එම වෙනස්කම් ක්‍රමයෙන් අඩුවනවාමාස දෙකක් තුනක් පමණ යනවිට එම තන්තු මතින් නව කොලජන් නිෂ්පාදනය කරන්නට පටන් ගන්නවාඑමගින් සමට ශක්තිය ලැබෙනවාක්‍රමයෙන් සම ශක්තිමත් වී තරුණ පෙනුමක් ගෙන එනවා.

ඒ වගේම මෙය ශල්‍ය කර්මයක් නෙවෙයිසැත්කමකින් තොරව සම එල්ලා වැටීම නවතන එකම ක්‍රමය මෙය වනවා.

මෙම ප්‍රතිකාරය කිරීමට පැය 24 කට පෙර මත්පැන් ගන්නා අය ඉන් වැලකි සිටිය යුතුයිඑසේම ඇස්ප්‍රින්වේදනා නාශකවිටමින් සී සහ ඊ පෙති මෙන්ම වෙනත් විටමින් පෙති ගැනීමෙන් වැළකිය යුතුයිඔබට වෙනත් අසනීපයක් තිබේ නම් මෙම ප්‍රතිකාරය කිරීමට පෙර මුලින්ම වෛද්‍යවරයාට පවසන්නඑසේම ප්‍රතිකාරය සිදුකරන ප්‍රදේශයේ ආසාදන තත්වයක් තිබේ නම් ප්‍රතිකාර කල්දමන්නට සිදුවෙනවා.

ප්‍රතිකාරයෙන් පළමු පැය 24 තුළ මුහුණ ඉදිමීමට හැකියිඑය දින කිහිපයකින් යථා තත්වයට පත් වෙනවාසම රතු වී සති දෙකක පමණ කාලයක් තුළ යථා තත්වයට පත්වෙනවාප්‍රතිකාරය කළ ප්‍රදේශය ස්පර්ශ කරන විට වේදනාවක් දැනෙන්නට පුළුවන්එය සති දෙකකින් පමණ සුව වනවා.

– ඉරේෂා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here