මුහුණේ අවපැහැය නැති කරන “අර්තාපල් සත්කාරය.”

0
4

අවශ්‍ය දේවල්

  • අර්තාපල් අල ගෙඩි 2ක්
  • දෙහි ගෙඩියක්
  • මී පැණි මේස හැදි 2ක්
  • මුදවපු කිරි මේස හැදි 1 ක්
  • අමු කහ අගලක කැබැල්ලක්

ආලේපනය සාදාගන්නා ආකාරය :

  • අර්තාපල් අල ගෙඩි දෙකින් එකක් ගෙන පොතු ඇර ඉතාම සිහින් පල්ප් එකක් සෑදෙනතුරු හොදින් ග්‍රයින්ඩර් කරන්න.
  • වතුර මිශ්‍ර කරන්න එපා. කුඩා කැබලි වලට අර්තාපල් අලය කපා ග්‍රයින්ඩරයට දමන්න . එවිට  ලේසියෙන්ම පල්ප් එක හදාගන්නට පුලුවන්.
  • අර්තාපල් අලය හොදින් පල්ප් වූ පසු එයටම අමු කහ කෑල්ලත් දමා පල්ප් කරන්න.
    දැන් එය පිටතට ගෙන වීදුරු බෝල් එකකට දමන්න.
  • දැන් මේ අර්තාපල් පල්ප් එකට දෙහි ගෙඩියක යුෂ හොදින් මිරිකන්න.
  • එයටම මී පැණි මේස හැදි දෙකත්, මුදවපු කිරි මේස හැන්දත් දමන්න.

දැන් ෆේස් පැක් එක සූදානම්.එය පසෙකින් තබා අනිත් අර්තාපල් අලය ගෙන එයද පල්ප් කරන්න. අවසානයේ එයට වතුර මේස හැදි 2ක් පමණ දමන්න. පසුව හොදින් බ්ලෙන්ඩර් කරන්න. දැන් එය තේ පෙරනයක ආධාරයෙන් අර්තාපල් ජූස් කෝප්ප බාගයක් ගන්න. එයද පසෙකින් තබන්න.

ආලේප කරන ආකාරය :

  • අර්තාපල් පල්ප් එක ගෙන හොදින් මුහුණ මත ගල්වන්න. දෑස් යට දෙතොල් වටා සහ කම්මුල්වල හොදින් ආලේප කරන්න.

  • දැන් පැක් එක හොදින් වේලෙන තුරු සිටින්න.

  • හොදින් පැක් එක වේලුන පසු ව සීතල වතුරින් පැක් එක සෙමෙන් සෙමෙන් සෝදාහරින්න

  • .පිරිසිදු තුවායක් ගෙන මුහුණ පිසදාගන්න.

  • අර්තාපල් ජූස් එක ගෙන මුහුණ මත තවරමින් අතුල්ලන්න.

  • යන්තමට ජූස් එක තවරාගෙන තවත් පැය කාලක් සිටින්න.පැය කාලකට පසු සාමාන්‍ය ලෙස මුහුණ සෝදා ගන්න. සබන් , ෆේස් වොෂ් පාවිච්චි කරන්න එපා.

  • මේ සත්කාරය දවසක් ඇර දවසක් කරන්න. සති තුනකට පසු ඔයාගෙ මුහුණේ ඇතිවන වෙනස ඔබම අත්විදින්න.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here