සෑම කාන්තාවක්ම සමේ පැහැය ,පෝෂණය ලස්සන ගැන හුඟක් උනන්දු වෙනවා.ඉතිං තමන්ගේ සම ලස්සන කර ගන්න උනන්දු වන සියලුම දෙනාට ඉතාම වැදගත් වෙන Face Serum ගැනයි අද අපි කතා කරන්නේ.
සරලවම සීරම් එකක් කියලා හඳුන්වන්නේ ඇක්ටිව් ද්‍රව්‍යවලින් හදලා තියෙන ලික්විඩ් හෝ ක්‍රීම් එකක්. මෙය ඉතා අඩු ප්‍රමාණයක් වුණත් ඉතා වැඩියෙන් සමට උරා ගෙන ඉතා හොඳ ප්‍රතිඵල ලබා දෙනවා.
සීරම් වර්ග අනුව රීසල්ට් එක වෙනස් වෙන්න පුලුවන්.සමේ රැලි ඇති වීම වැලැක්වීමට තිබෙන සීරම් ,සම සුදු වීම සඳහා භාවිතා කරන සීරම්,සමේ කැලැල් නැති කිරීමට මෙන්ම සම සජලනය කිරීම භාවිතා කරන සීරම් වර්ගයන් බහුලව අද වන විට වෙළඳපොලේ පවතිනවා.මේ අනුව තමන්ගේ සමේ ඇති ගැටලුව අනුව සමට වඩාත්ම ගැළපෙන සීරම් වර්ගය තෝරා ගන්න ඕන.
ක්‍රීම් එකේ ඇති ක්‍රියාකරි ද්‍රව්‍ය ප්‍රමාණයට වඩා සීරම් එකේ ක්‍රියාකාරි බව සාමාන්‍යයෙන් 70% කට වඩා වැඩියි.සමේ දීප්තිමත් බව වැඩි කිරීමට තෙතමනය ඇති කිරීමට හොද සීරම් එකකට ඉක්මනින් කරන්න පුළුවන්.
සීරම් එකක් දවසට දෙවතාවක් ආලේප කරන්න ඕනේ.සෑම උදෑසනකම හා හවසකම ෆේස් වොශ් හෝ ක්ලෙන්සර් සහ ටෝනර් භාවිතා කරාට පසුව මෙය භාවිතා කළ යුතු වනවා.
ඒ අනුව මුලින්ම ෆේස් වොශ් හෝ ක්ලෙන්සර් මගින් සම පිරිසිදු කර ගෙන පසුව ටෝනර් එකක් හෝ අයිස් වතුර භාවිතා කර සමේ රෝම කූප වසා දැමිය යුතුයි. ඊළඟට සීරම් එකෙන් බොහොම ස්වල්පයක් ඇඟිලි තුඩු මගින් මුලු මුහුණෙම ආලේප කර යුතුයි. විනාඩි 2ක් තබා මොයිස්චරයිසර් ක්‍රීම් ආලේප කරන්න ඕනේ. පසුව ඩේ ක්‍රීම් හෝ නයිට් ක්‍රීම් එක භාවිතා කරන්න. උදැසන නම් ඩේ ක්‍රීම් එක භාවිතා කළ පසු සන් ක්‍රීම් එකක් ආලේප කරන්න.
ඔබට විසඳා ගැනීමට අවශ්‍ය ආකාරයේ සමේ ගැටළුවලට හොඳින් ගැළපෙන face serum එකක් ඔබ භාවිතා කරන්නේ නම්, සැබවින්ම එයට පුළුවන් ඔබේ ගැටලුවලට ඉතා ඉක්මනින් පිළියම් ලබා දෙන්න. ඒ අනුව face serum හරහා ලැබෙන වාසි ගැනයි මේ.
මේ අනුව ඔබටත් දිදුළන පැහැපත් නිරෝගී සමක් ලබා ගැනීමට මෙම Face Serum භාවිතා කිරීමට හරහා පුළුවන්.
Saru FM Media