මේ වසරේ (2025) මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 14.4 ඉක්මවා ගොස් ඇත.
මේ අනුව 2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයනය සියයට 6.0 කින් සැලකිය යුතු වර්ධනය වී එහි ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරන බව ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛන සමඟ ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව මේ වසරේ (2025) මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 14433.82 ක් දක්වා වර්ධනය වී ඇති අතර, එය වසරක මුල් මාස දහය තුළ අපනයන ආදායම ඩොලර් බිලියන දාහතර ඉක්මවා ගිය පළමු අවස්ථාව ද බව ද අපනයන සංවර්ධන මණ්ඩලය කියයි.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය.
ප්‍රධාන බටහිර වෙළෙඳපොළවල් අඛණ්ඩව යථා තත්ත්වයට පත්වීම සහ දේශීය කර්මාන්ත විසින් පවත්වාගෙන යනු ලබන ස්ථාවර නිෂ්පාදන ධාරිතාවය මෙම වර්ධනයට දායක වී තිබෙනවා “
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Saru FM Media









