මුල් මාස තුනේ සංචාරක ඉපයීම් ඩොලර් බිලියනය පහු කරලා!

0
21


කොළඹ LNW:2025 වසරේ මුල් මාස 03 සඳහා සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 1,122.3ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එය 2024 වසරේ මුල් මාස 03 හි සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 1,025.9 හා සැසඳීමේ දී 9.4% ක වර්ධනයක් ලෙස දැක්වෙයි.

2025 මුල් මාස 03 තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 722,276 ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසන අතර 2025 වසරේ සංචාරකයින් මිලියන 03ක් මෙරටට ගෙන්වා ගැනීම රජයේ ඉලක්කය වී තිබේ.

මෙහිදී ඩොලර් බිලියන 5ක සංචාරක ඉපැයීමක් අපේක්ෂා කරයි.

ආශිකා බ්‍රාහ්මණ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here