මුද්‍රණයට ඉතිරි වී ඇති ඡන්ද පත්‍රිකාවල තොරතුරු රජයේ මුද්‍රණාලය කල් ඇතිව ඉල්ලයි

0
19


පළාත් පාලන ආයත ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා මිලියන 12ක් පමණ මේ වන විට මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පවසනවා. 

මුද්‍රණය කර ඇති ඇතැම් ඡන්ද පත්‍රිකා අධිකරණ නියෝග අනුව නැවත මුද්‍රණය කිරීමට සිදුවන බවයි ඔහු කියා සිටියේ. 

ඒ අනුව වෙනස්කම් සිදුවන ඡන්ද පත්‍රිකා කල්වේලා ඇතිව ලබාදෙන්නේ නම් ඒවා නියමිත කාලයට මුද්‍රණය කර ලබාදිය හැකි බවද රජයේ මුද්‍රණාලයාධිපතිවරයා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.

Neth Sound · PRADEEP 01

නැවත මුද්‍රණය කළ යුතු ඡන්ද පත්‍රිකා ප්‍රමාණවත් තරම් කොටසක් මේ දක්වා රජයේ මුද්‍රණාලය වෙත ලැබී නොමැති බවයි එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

Neth Sound · PRADEEP 02

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18කට එළඹෙන මැයි මස 06 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝග ඉවත් කිරීමට අභියාචනාධිකරණය නියම කළේ ඊයේ දිනයේදීයි. 
 

ඒ, අදාළ පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කොට ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර වෙනුවෙන් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ මෝසමක් මත අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here