අවශ්‍යතා කිහිපයක් වෙනුවෙන් මුදල් ව්‍යාපාර පනත සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව යෝජනා කර ඇත.
මේ සංශෝධන පිළිබඳ නිරීක්ෂණ, අදහස් හෝ යෝජනා ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට ආරාධනා කරයි.
මුදල් සමාගම් නියාමනය සහ අධීක්ෂණය ශක්තිමත් කිරීම, අනවසර මුදල් ව්‍යාපාර විමර්ශනය කිරීම සහ නඩු පැවරීම, ශක්‍ය නොවන මුදල් සමාගම් නිරාකරණය සහ ගණන් බේරා වසා දැමීම යන අවශ්‍යතා හඳුනා ගනිමින් මුදල් ව්‍යාපාර පනත සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙසේ යෝජනා කර තිබේ.
මුදල් ව්‍යාපාර පනතට යෝජිත සංශෝධන පිළිබඳ නිරීක්ෂණ ,අදහස් ,යෝජනා 2025නොවැම්බර් මස 30 වන දිනට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් , තැපැල් , ෆැක්ස් හෝ ඊ- මේල් හරහා ඉදිරිපත් කළ හැකිය. අධ්‍යක්ෂ, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව, අංක. 30, ජනාධිපති මාවත, කොළඹ 01 යන්න තැපැල් ලිපිනයයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Saru FM Media







