මුතූර් ගොවීන්ගෙන් උදුරාගත් ඉඩම් නැවත ඔවුන්ට දෙන්න

0
1

කොළඹ නාගරික මන්ත්‍රී කලිලූර් රහ්මාන් කියයි

මුත්තු නගර් ගොවීන්ගෙන් බලහත්කාරයෙන් ලබාගත් ගොවි ඉඩම් වහාම එම ගොවීන්ට නැවත ලබාදිය යුතු යැයි එක්සත් සාම සංවිධානයේ මහලේකම්, කොළඹ නාගරික මන්ත්‍රී කලිලූර් රහ්මාන් මහතා ඊයේ (06දා) එම ජනතාවගේ විරෝධතාවකට එක්වෙමින් පැවසීය.මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීවේය.
එදා යුද්ධ කාලේ ඉඳලාම මේ රටේ මුස්ලිම් ජනතාව මුත්තුනගර්වල ඉඩම්වල ගොවිතැන් කරමින් එම ප්‍රදේශ ආරක්ෂා කරගත්තා. එදා ඉඳන්ම මුස්ලිම් ජනතාව මේ රට වෙනුවෙන් පෙනී සිටියා. නමුත් අද මේ ජනතාවට අසාධාරණයක් වෙලා තියෙන වෙලාවේ මුස්ලිම් නායකයො කවුරුත් ඒ හඬ අරගෙන ගියේ නැහැ.
මේ ආණ්ඩුව කිව්වේ කොහොමද? කෘෂිකර්මාන්තය නඟාසිටුවනවා කිව්වා. අවුරුදු 72ක් පසුගිය ආණ්ඩු කරපු අනීතික දේවල් ආපසු හරවනවා කිව්වා. ඒවා විශ්වාස කරල තමයි ජනතාව මේ අයට ඡන්දෙ දුන්නේ. දැන් මොනවද මේ අය මේ කරන්නේ. එන එන ආණ්ඩුවලින් මෙහෙම අසාධාරණ කරන කොට මුත්තුනගර් වැසියෝ කොහෙ යන්නද?අපි ආණ්ඩුවට කියනවා මුත්තුනගර් වැසියන්ට තමන්ගේ භූමිය ලබාදෙන්න. එහෙම නැත්නම් ඒ අයට සුදුසු භූමියක් ලබාදෙන්න කියලා.

කමල් බෝගොඩ සහ සමන් මල්ලවආරච්චි – ත්‍රිකුණාමලය ✍️

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here