මුත්‍රා වල පැහැයෙන් හෙළි වෙන ඔබේ සිරුරේ ඇති රෝගාබාධ ගැන කලින්ම දැනුවත් වෙමුද?

0
12


බොහෝ රෝග තත්ත්ව වලදී අනිවාර්යයෙන්ම මුත්‍රා සාම්පලයක් පරීක්ෂා කිරීම සාමාන්‍ය දෙයක්.ඉතින් ඒ වගේ ම මුත්‍රා වල වර්ණය ද ශරීරය ගැන අනාවැකි රැසක් කීමට සමත් වෙනවා කියලා ඔබ දන්නවා ද?

මේ සඳහා හේතු කිහිපයක් තියෙන්න පුළුවන්.

1.පානය කරන දියර ප්‍රමාණය අඩු හෝ වැඩිවීම නිසා.
2.ආහාර වල ඇති ස්වභාවික හෝ කෘතිම වර්ණක නිසා
3.සමහර ඖෂධවල බලපෑම නිසා
4.රෝගී තත්වයක් නිසා

ඔබ අධිකව ජලය හෝ දියර පානය කරනවා නම් මුත්‍රා අවර්ණ වෙන්න පුළුවන් .සාමාන්‍යයෙන් සිදු වෙන්නේ එයයි .නමුත් ඉතාමත් කලාතුරකින් මොළයේ සිදුවන අනතුරක් හෝ වෙනසක් නිසා වකුගඩු ආශ්‍රිතව සිදුවන ආපදාවක් නිසා ඔහු හෝ මුත්‍රා නිෂ්පාදනයේ වැදගත්ම හෝමෝනයක් වන ADH නිෂ්පාදනය නොවීම නිසාත් මුත්‍රා අවර්ණ වෙන්නට පුළුවන් .

දිනකට අවශ්‍ය දියර ප්‍රමාණය පානය නොකිරීම නිසා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් .බොහෝ විට අධික වියළි හෝ වායු සමීකරණය කළ පරිස යක් තුළ වැඩි පැය ගණනක් සිටින කෙනෙකුට මේ තත්ත්වය බහුලව දකින්න පුළුවන් .ඒ නිසා වතුර ටිකක් වැඩියෙන් බොන එක තමයි වඩාත් සුදුසු.

මෙය විජලනය නිසා ඇති වෙන්නට පුළුවන් .ඒ වගේ ම ඉඳහිට වෙනවා නම් කැරට් යුෂ පානය කිරීම නිසා සමහර ආහාර වල වර්ණක නිසා හෝ යම්කිසි ඖෂධයක් නිසා හෝ සිදු වෙන්නට පුළුවන් .ඊට අමතරව අක්මාව හෝ පිත්තාශය ආශ්‍රිත රෝගී තත්වයක් නිසා මේ වර්ණය ඇති වෙන්නට පුළුවන් .

බීට් බෙරි වැනි ආහාර සහ කෘතිම ආහාරවල ඇති තද රතු වර්ණ එක නිසා හෝ ඖෂධ නිසා හෝ මෙලෙස සිදු වීමට පුළුවන් .එසේ නැත හොත් වකුගඩුව මුත්‍රාශය ආශ්‍රිතව සිදු කළ ශල්‍යකර්මයකට පසු ව ලේ වහන තත්ත්වයක් ඇති වීම නිසාවෙන් සිදු වෙන්නටත් පුළුවන්.මුත්‍රා මාර්ගයේ හෝ හෝ වකුගඩු වී ඇතිවන මුත්‍රා ගල් මුත්‍රා ආසාදන පුරස්ථ ග්‍රන්ථි ආශ්‍රිත රෝග පිළිකාමය හෝ පිළිකා නොවන ගෙඩි පිළිකා නොවන ගෙඩි ආදිය නිසාත් රතු පැහැය මුත්‍රා වලට එක් වන්නට පුළුවන්.
ඒ වගේම තැලිසීමියාව සහ රුධිරය ආශ්‍රිත රෝග තත්ත්වලදී මෙය වන්නට පුළුවන් නිසා මුත්‍රා රතු පාට නම් වඩාත් සැලකිලිමත් වෙන්නට සහ වෛද්‍ය උපදෙස් අවශ්‍ය වෙනවා.

රතු පාට මුත්‍රා පිට වීමට අදාල සියලුම දේවල් මේ සඳහාත්. බලපාන ට පුළුවන් .

මුත්‍රාශය, මුත්‍රා මාර්ගය ආශ්‍රිත බැක්ටීරියා ආසාදන නිසා මෙලෙස වෙන්නට පුළුවන් .ඊට අමතරව පිත්ත ප්‍රණාල වල ගැටළු විසාදි ගැටලු නිසා දී මේ වගේ පාටක් ඇති වෙන්නට හැකි යි.

මුත්‍රා ආසාදනයක් පැවතීම හේතුවෙන් මේ තත්ත්වය ඇති වෙන්නට පුළුවන් .සමහර විට වකුගඩු තුළ තිබෙන මුත්‍රා ගල් නිසාත් මේ අඳුරු පැහැය එක වන්නට පුළුවන් .

ඉතාමත් දරුණු මුත්‍රා ආසාදනයක දී නිපදවන සැරව ඒ නිසා මෙසේ සිදු වනවා.

අසාමාන්‍ය ලෙස ප්‍රෝටීන පැවතීම මෙයට ප්‍රධාන හේතුව ලෙස හඳුන්වන ට පුළුවන් .ප්‍රෝටීන් වැඩිපුර ආහාරයට ගත් දවසක මේ සාමාන්‍ය වුවත් දිගින් දිගටම මෙය සිදු වෙනවා නම් වකුගඩු වල යම් ආබාධ තත්ත්වයක් විය හැකියි .

ඉතින් අවධානයෙන් සිටියොත් රෝග රැසක් වළක්වා ගන්නට හැකියාව මුත්‍රා වල වර්ණයෙන් ඔබට අවබෝධ කර ගන්නට පුළුවන්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here