ශ්‍රී ලංකාවේ විස්තීරණ ණය මුදල් පහසුකම පිළිබඳ සිව් වන සමාලෝචනයේදී ඇතිකර ගත් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමට සිය විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වනු ඇතැයි අපේක්‍ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂිකා ජුලී කොසැක් පවසා ඇත්තේ ශ්‍රී ලංකාව ප්‍රධාන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වන එකඟතා ඉටු කිරීම මත එම අනුමැතිය රඳා පවතින බවයි. පිරිවැය පිළිබිඹු කරන විදුලි මිලකරණය යථා තත්ත්වයට පත් කිරීම සහ විදුලි මිල ගැළපුම් යාන්ත්‍රණය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම ඒ සඳහා අත්‍යවශ්‍ය වන බවද ඇය පවසා තිබෙනවා.
මේ අතර මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ සහභාගී වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු විමසා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ ණය වාරිකය ලබා දීම ප්‍රමාද වීමට පවතින විදුලි ගාස්තු ක්‍රමය බලපා ඇත්ද යන්නයි.
ඊට මහබැංකු අධිපතිවරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.
Saru FM Media