Thursday, May 8, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් මීගමු රෝහලේ වෛද්‍යවරයාගෙන් තරුණියට සිදුවූ ලිංගික අතවරය සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

මීගමු රෝහලේ වෛද්‍යවරයාගෙන් තරුණියට සිදුවූ ලිංගික අතවරය සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

0
14


a-medical-board-to-find-out-the-sex-of-the-girl-from-the-negombo-hospital-doctor

 මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි 19 හැවිරිදි තරුණියක විශේෂ වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමට මීගමුව මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සහ මීගමුව කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය කටයුතු යොදා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසීය.

මෙම තරුණිය මුලින්ම මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී ඇයට ලිංගික අතවරයක් වී නොමැති බවට වාර්තා කර තිබූ අතර,
තරුණිය එම වෛද්‍ය වාර්තාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අධිකරණ නියෝගයක් මත විශේෂ වෛද්‍ය මණ්ඩලයකට යොමු කර වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට පියවර ගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
විශේෂ වෛද්‍ය මණ්ඩලය දෙන වෛද්‍ය වාර්තාව සැලකිල්ලට ගනිමින් ඉදිරි විමර්ශන පැවැත්වීමට නියමිතව ඇතැයි පොලිස් ආරංචිමාර්ගවලින් දැන ගැනීමට ඇත.
අතවරයකට පත් වූ බව කියන මෙම තරුණිය ඒ බව පසුගිය 2 වැනිදා පැමිණිලි කිරීමෙන් අනතුරුව ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා එදින සිට මේ දක්වා සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටින බව ද මීගමුව මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
මෙම වෛද්‍යවරයා රටින් පිටව යෑමට කටුනායක ගුවන්තොටුපොළට හෝ තේතල ගුවන්තොටුපොළට පැමිණියහොත් එය වළක්වාලීමට අධිකරණ නියෝගයක් ලබාගත් බව ද මීගමුව මූලස්ථාන පොලිසියේ එම නිලධාරියා කීය.

දත් කැක්කුමකට සහ චර්ම රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඉකුත් 31 වැනිදා 19 හැවිරිදි මෙම තරුණිය සිය මවත් සමඟ මීගමුව දිසා මහ රෝහලට පැමිණ ඇත.
වෛද්‍යවරයා තමා පරික්ෂා කරන මුවාවෙන් ලිංගික අතවරයක් කළ බවට ඉකුත් 2 වැනිදා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂවරියට ලිඛිතව පැමිණිලි කිරීමෙන් පසු අධ්‍යක්ෂවරිය විසින් එම තරුණිය මීගමුව මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට යොමු කරනු ලැබුවාය.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ, මෙම වෛද්‍යවරයා තම සංගමයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කිරීම නිසා මීට වසර කිහිපයකට ඉහතදී සංගමයෙන් නෙරපා හැර ඇති බවයි.

සම්බන්ධිත ලිපි



    Saru FM Media

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here