මිලි මීටර් 100 වැඩි තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

0
3


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවයි.

ඒ, අනුව දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (18) දිනයේ සහ ඉදිරි දින කිහිපයේ බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් මිලි මීටර් 100 වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here