නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට තැත් කළ රුපියල් මිලියන 435කට අධික වටිනාකමින් යුතු විදේශීය දුම්වැටි තොගයක් රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ නිලධාරීන් විසින් 04වැනිදා පස්වරුවේ ඔරුගොඩවත්ත බහලුම් පරීක්‍ෂණ අංශයේදී රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. Sri Lanka Latest News
එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ ජබිල් අලි වරායේ සිට මෙරටට ගෙන්වා තිබූ අඩි 20 බහලුමක් තුළ මෙම දුම්වැටි තොගය තිබී ඇති අතර එහිදී විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි මිලියන 2.5ක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
කාර්යාලීය පුටු ගෙන්වන බවට රේගුවට තොරතුරු ඉදිරිපත් කර මෙම බහාලුම තුළ මෙලෙස නීති විරෝධීව දුම්වැටි ගෙන්වා ඇති බවත් මෙම දුම්වැටි තොගය රේගුවෙන් පිටවූයේ නම් රුපියල් මිලියන 378කට අධික තීරු බදු මුදුලක් රේගුවට අහිමිවන බවත් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
මෙම දුම්වැටි ගෙන්වීම සම්බන්ධයෙන් රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ නිලධාරීන් විසින් වාප්පු ලිපිකරුවකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මෙම දුම්වැටි තොගය මෙරටට ගෙන්වීමට කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා කියා සිටියේය.
රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සරත් නෝනිස් මහතාගේ අධීක්‍ෂණය යටතේ රේගු අදායාම් අධීක්‍ෂණ අංශයේ රේගු අධ්‍යක්‍ෂ තිලක් සුරවීර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යඨ රේගු අධ්‍යක්‍ෂ තිස්ස දහනායක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරුන් වන උපුල් ගෝනවල, සඳගෝපන් රේගු අධිකාරි අකිල රූපසිංහ, සඳුන් බටගොඩ, අනුෂ්කා කුරේ, රඛිත ආරියසේන යන මහත්ම මහත්මීන් විසින් වැඩිදුරට පරික්‍ෂණ සිදුකරයි.




Saru FM Media