මිලියන දහස් ගණනක වියදමට ප්‍රතිලාභ ලැබෙන සැළසුම් සකස් වෙයි

0
2

නිශ්මං රණසිංහ ,අප්‍රේල් 01, කොළඹ LNW:

දේශීය ක්‍රිකට් සඳහා මිලියන එක් දහස් දෙසියයකට එහා මුදලක් වැය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් එයින් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම සදහා අලුත් වැඩ පිළිවෙලකට පිවිසෙමින් සිටින බව තරග කමිටු සභාපති නලීන් අපොන්සු පෙන්වා දෙනවා.ටියර් ඒ සහ බී කාණ්ඩයන්හි සූරතා සහ අනු සූරතා පිරිනැමීමත්,එම කොටස් දෙකේ සුවිශේෂි දක්ෂයන්ට කුසලාන සහ මුදල් ත්‍යාග පිරිනැමීමත් නිමිති කරගෙන කොළඹ එස්එස්සී ක්‍රීඩා සමාජ ශාලාවේදී පැවති උත්සවයට සමගාමීව පැවති මාධ්‍ය හමුවේදී නලීන් මෙසේ අදහස් දැක්වීය.

ටියර් ඒ,ටියර් බී,ගවනර්ස් කුසලාන,අවුරුදු 23න් පහළ තරගාවලිය සහ කාන්තා පළමු පෙළ ක්‍රීඩා සමාජ අතර තරග සඳහා පමණක් වැයවන මුදල මේ ආකාරයට මිලියන දහස ඉක්මවන බව නලීන් පෙන්වා දුන්නේය.නලීන් මෙහිදී අවධාරණය කළේ ගුණාත්මකව මේ වියදම ජාතික ක්‍රිකට් තෙක් දේශිය ක්‍රිකට් පිටියේ සිට සමීප විය යුතු ආකාරයට අදාළව පවතින තත්ත්වයන් හී යම් අඩු පාඩු සකස් කර ගනිමින් සහ අලුත් අංග හඳුන්වා දෙමින් දේශිය තරගාවලියේ ගුණාත්මක භාවය ඉහළ දැමීමට කටයුතු සැළසුම් කර ඇති බවය.

ඒ සඳහා ක්‍රිකට් විධායක කමිටුව,ඉහළ කාර්ය සාධන පුහුණු අංශය ඇතුළු නවීන තාක්ෂණීක කරුණු හඳුන්වා දීමේ අංශවල සිට තේරුම් කමිටුව වැනි අංශ ද සාකච්ඡා කරමින් මේ සැළසුම් සකස් කර ඇති බවය.ඉදරි පස් වසර සඳහා සකස් කරන ලද ඉතා දියුණු වැඩ සටහනක් අප්‍රේල් 6 වන දා ක්‍රීඩා සමාජ වෙත ද ඉදිරිපත් කරන බව පෙන්වා දුන් නලීන් එයට බොහෝ දෙනෙක් මේ වන විටත් කැමත්ත ප්‍රකාශ කර ඇති බවත්,ඒ නිසා සියල්ලගේම කැමත්තෙන් ඉදිරි පස් වසර සඳහා එම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත හැකිවෙනු ඇති බවත් ප්‍රකාශ කළේය.

මේ වන විට ශාරිරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට ඇති කර තිබෙන වැඩ පිළිවෙලම ක්‍රීඩා සමාජ මට්ටමේ ක්‍රීඩකයන්ට ද බලපාන පරිදි ක්‍රියාත්මක කිරීමට ක්‍රීඩා පුහුණුකරුවන්ට උපදෙස් දී ඇති බවත්,එසේම සියලු අංශ ඇතුළත් වන පරිදි ක්‍රීඩා සමාජ මට්ටමෙන් ද පුහුණුකරුවන් කාර්ය මණ්ඩලයක් සේ සම්බන්ධ විය යුතු බවත් පෙන්වා දුන් නලීන් මේ තත්ත්වය මානසිකව ක්‍රීඩකයා නිර්මාණය කිරීමේ කාරණයේදී ද සළකා බැලීමට මේ වන විට සාකච්ඡා කරමින් කරුණු සැළසුම් කරමින් සිටින බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙවර ටියර් ඒ කාණ්ඩයේ සූරතාවය කෝල්ට්ස් කණ්ඩායමට හිමි වුණ අතර අනු සූරතාවය හිමි වුණේ ඒස් කැපිටල් කණ්ඩායමටය.ටියර් බි කාණ්ඩයේ සූරයන් බවට එස්එස්සී ක්‍රීඩා සමාජය පත්වෙද්දී එහි අනු සූරතාවය නාවික හමුදා කණ්ඩායමට හිමි විය.

ප්‍රදාන ක්‍රීඩා සමාජ අතර තරගාවලියේ විශේෂ දක්ෂතා දැක් වූ ක්‍රීඩක නාම ලේඛණය පහතින් දක්වා ඇත.
හොඳම පන්දු යවන්නා – දිලුම් සුදීර, පොලිස් කණ්ඩායම
44.52 ක ප්‍රහාරක අනුපාතයකින් තරඟ 10 කදී කඩුලු 61 ක්

හොඳම පිතිකරු – ලහිරු උදාර, NCC
තරග 10 කදී ලකුණු 908 ක්, සාමාන්‍ය 60.53 ක්, ශතක තුනක් සහ ද්විත්ව ශතකයක් (ලකුණු 261)

වටිනාම ක්‍රීඩකයා – වනුජ සහන්, ඒස් කැපිටල්, කඩුලු 54 (කඩුලු 5ක් දවාගත් අවස්ථා හතරක් ඇතුළුව) සහ තරග 10 කදී ලකුණු 484

ටියර් බී තරගාවලියේ විශේෂ දක්ෂතා දැක් වූ ක්‍රීඩක නාම ලේඛණට පහතින් දැක්වේ.

හොඳම පන්දු යවන්නා – ඩිලංක අවුඩ්ට් – ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම
තරග 11 කදී කඩුලු 72 ක් 32.19 ක ප්‍රහාරක අනුපාතයකින්

හොඳම පිතිකරු – නිපුන් ධනංජය – SSC
තරග 11 කදී ලකුණු 867 ක්, ශතක තුනක් ඇතුළුව

වටිනාම ක්‍රීඩකයා – ෂෙහාඩ සොයිසා – ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම 641 ක් සහ තරඟ 11 කදී කඩුලු 21 ක්

ජය සංඛේත ප්‍රදානය සඳහා නලින් අපොන්සු (සභාපති, තරඟාවලි කමිටුව සහ විධායක කමිටු සාමාජික – ශ්‍රී ලංකා ක්‍රිකට්),මාලන් ප්‍රනාන්දුපුල්ලේ (තරඟාවලි කමිටුවේ සාමාජික – ශ්‍රී ලංකා ක්‍රිකට්), කසුන් ප්‍රනාන්දු (ලේකම්, තරඟාවලි කමිටුව – ශ්‍රී ලංකා ක්‍රිකට්) සහ චින්තක එදිරිමාන්න (ජාතික ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී – ශ්‍රී ලංකා ක්‍රිකට්) යන අය එක් වූහ.

The post මිලියන දහස් ගණනක වියදමට ප්‍රතිලාභ ලැබෙන සැළසුම් සකස් වෙයි appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here