මියන්මාරයේ භූ කම්පනයෙන් පසු තායිලන්ත අගනුවර හදිසි තත්ත්වයක්

0
14


මියන්මාරයට බලපෑ රික්ටර් මාපාංක ඒකක 7යි දශම 7ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයෙන් පසු තායිලන්තයේ බැංකොක් නුවර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම භූ කම්පනය හේතුවෙන් මියන්මාරය පුරා ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

එම භූ කම්පනයේ බලපෑම හේතුවෙන් තායිලන්තයේ බැංකොක් අගනුවර ගොඩනැගිලි කිහිපයකටද හානි සිදුව තිබෙනවා.

බැංකොක් නුවර මහා මාර්ග පුපුරා ගොස් ඇති ආකාරය දැක්වෙන දර්ශනද විදෙස් මාධ්‍ය වාර්තාවල ඇතුළත්.

බැංකොක් අගනුවර ඉදිකරමින් පැවති මහල් 30ක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් කම්කරුවන් 43 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි තායිලන්ත බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here