මියන්මාරයේ භූකම්පනයෙන් මියගිය අය වෙනුවෙන් සතියක ශෝක කාලයක්

0
11


පුද්ගලයින් 2000කට අධික පිරිසකට මරුකැඳවමින් සිදුවූ භූකම්පනය හේතුවෙන් මියන්මාරයේ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

මියන්මාර හමුදා පාලනය විසින් අප්‍රේල් මස 06 වන දින දක්වා එම ශෝක කාලය ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

පසුගිය 28 වනදා මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 2000කට අධික පිරිසක් මියගොස් ඇති බවට මේ වන විට තහවුරුවී ඇති බවයි සඳහන් වන්නේ .

කඩා වැටුණු ගොඩනැගිලි සුන්බුන් අතර සිරවූවන් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙන බව වාර්තා වෙනවා .

මේ අතර තුවාල ලැබූ පුද්ගලයින් විශාල පිරිසක් රෝහල් ගත කිරීම හේතුවෙන් එරට රෝහල් පද්ධතිය ද අර්බුදයකට පත්ව ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ .

භූකම්පනයෙන් රෝහල් ගොඩනැගිලි ද හානියට පත්ව ඇති අතර බොහෝ රෝහල් රෝගීන්ගෙන් පිරීගොස් ඇති බව එම සංවිධානය පවසනවා .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here