රෂිකා හෙන්නායක අප්‍රේල් 01 , කොළඹ (LNW):
බුද්ධශාසන , ආගමික හා සංස්කෘත අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇත. ඒ මියන්මාරය සහ තායිලන්තයට බලපෑ භූ කම්පනය හේතුවෙන් දිවි අහිමි වූ සහ තුවාල ලැබූ සහ දේපළ විනාශ වූ ජනතාව වෙනුවෙන් සහන සැලසීමට අදාළවයි.
ඒ අනුව විපතට පත් ජනතාව සඳහා මෙරටින් යැවීමට නියමිත වියළි ආහාර, ඇඳුම් පැළඳුම් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය කඩිනමින් මියන්මාරයට සහ තායිලන්තයට ලබා දීමට රජය කඩිනමින් කටයුතු සූදානම් කර තිබෙන අතර, එම ආධාර විධිමත් යාන්ත්‍රණයක් ඔස්සේ දැනටමත් එක්රැස් කරමින් පවතියි.
තවද එම නිවේදනයේ සඳහන් වන්නේ, අදාළ ආධාර නීත්‍යනුකූල පර්ශවයන්ට ලබා දීමට කටයුතු කරන ලෙසටයි.
පසුගියදා මියන්මාරයට බලපෑ රික්ටර් මාපක 7.7 ක භූ කම්පන තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 2000ක් ඉක්මවයි.තවද 3400කට අධික පිරිසක් ඉන් තුවාල ලබා ඇති අතර විශාල පිරිසක් අතුරුදන්ව ඇත.
ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.
Saru FM Media