පසුගියදා මියන්මාරයට බලපෑ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 3300 ඉක්මවා තිබෙනවා.
රිච්ටර් පරිමාණ ඒකක 7.7ක භූකම්පනය හේතුවෙන් මියන්මාරයේ ගොඩනැගිලි දහස් ගණනක් හා යටිතල පහසුකම්ද සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා.
මෙම ඛේදනීය අවස්ථාවේ ලෝකය මියන්මාර ජනතාව සමග සිටගත යුතු බවයි ජගත් සංවිධාන මහලේකම්වරයා සඳහන් කරන්නේ.
මියන්මාරයට අවශ්‍ය සහන කටයුතු සඳහා ඉදිරිපත් වන ලෙස ඔහු ලොව සියලු රටවලින් ඉල්ලා සිටිනවා.
මියන්මාරයට මානුෂීය ආධාර සැපයෙන සංවිධාන හා ජගත් සංවිධානයේ ඉහළ පෙළේ නියෝජිතයින් අතර විශේෂ හමුවක්ද ඊයේ (05) පැවැත්වුණා.
භූ කම්පනයෙන් 4500කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති අතර තවත් 220 දෙනෙකු අතුරුදන් බවද සඳහන්.
Saru FM Media