මියගිය සබරගමුව සරසවි සිසුවාගේ විමර්ශනවලට බාධා කරන්න එපා – උපකුලපතිගෙන් ඉල්ලීමක්

0
2


සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලය මගින්ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. 

මියගිය සිසුවාට නවකවදය දුන්නේ යැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන්, එදින විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරවල සිටි සිසුන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය සුනිල් ශාන්ත මහතා පැවසුවේ.

තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන් සඳහා මාර්ගගත ක්‍රමය යටතේ නිවසේ සිට ඉගැන්වීම් කටයුතු සිදු කළ පසුබිමක සියදිවි හානිකරගත් සිසුවා විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළට ඇතුල්වීම පිළිබඳවද ගැටලුවක් මතුව ඇති බවද උපකුලපතිවරයා නෙත් නිවුස් වෙත පැවසුවා.

Neth Sound · PROF SUNIL 01

මේ අතර එම සරසවි සිසුවා මිය යාම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා ජ්‍යේෂ්ඨ මහාචාර්ය ඒ ඒ වයි අමරසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බවද සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය සුනිල් ශාන්ත මහතා මෙහිදී කියා සිටියා. 

Neth Sound · PROF SUNIL 02

පුස්සැල්ලෑව, ඉහළගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි චරිත් දිල්ශාන් නමැති තරුණයා පසුගිය 29 වනදා රාත්‍රියේ සිය නිවස අසල ගසක ගෙල වැළලාගෙන සියදිවි හානි කර ගෙන තිබුණා. 

එම සිසුවාගේ දෙමාපියන් චෝදනා එල්ල කළේ විශ්වවිද්‍යාලය තුළ නවකවදයට ලක්වීම හේතුවෙන් තම දරුවා සියදිවි හානි කරගත් බවටයි. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන මේ වන විටත් ක්‍රියාත්මකයි.  
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here