මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනයේ යතුරුපැදිකරු කටුනායකදී අත්අඩංගුවට

0
7


මිද්දෙණිය ප්‍රදේශයේදී ඉකුත් පෙබරවාරි මස 18 දින සිදු කළ වෙඩි තැබීමකින් ත්‍රිත්ව මිනිස් ඝාතයක් සිදු කිරිමට, යතුරු පැදිකරු ලෙස කටයුතු කළ බවට සැකකෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඉන්දියාවේ සිට පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත අද අලුයම එවා තිබීයදී ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්. අත්අඩංගුවට ගෙන ඇත්තේ.

31 හැවිරිදි උස්වැවගෙදර, දෙබොක්කාව ප්‍රදේශයේ පදිංචි වැටිය විදාන ගමගේ ඉෂාන් මධුසංඛ නමැති පුද්ගලයෙක්. 

සැකකරු බෝට්ටුවක් මගින් ඉන්දියාව වෙත පළා ගොස් ව්‍යාජ නමකින් පෙනී සිටියදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එරටට ලබා දුන් තොරතුරු මත ඔහු එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන එලෙස කටුනායකට පිටුවහල් කර ඇති බවටයි වාර්තා වන්නේ. 

මිද්දෙණිය වෙඩි තැබීමෙන් විදානගමගේ අරුණ ප්‍රියන්ත, ඔහුගේ දියණිය සහ පුත්‍රයා ජීවිතක්‍ෂයට පත් වුණා. 

ඔහු මෙම ත්‍රිත්ව ඝාතනයට අමතරව මනුෂ්‍ය ඝාතන, ජීව අත් බෝම්බ ළඟ තබා ගැනීම සහ හෙරොයින් ඇතුලු මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම යන චෝදනා රාශියක් සඳහා අවශ්‍යව සිටි සැකකරුවෙක්. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මිද්දෙණිය පොලීසිය වෙත භාර දී තිබෙනවා.                          

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here