මිද්දෙණියේ අයිස් සිද්ධියට මනම්පේරි උසාවියට භාරවීමට සූදානම්

0
8

ඉකුත්දා මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නමැත්තා අදාළ මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා ඊයේ(15දා) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

එසේ භාරවීමෙන් පසුව සම්පත් මනම්පේරි නමැත්තාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝග කළ අභියාචනාධිකරණය ඒපිළිබඳව විමර්ශන නිලධාරීන් දැනුවත් කරන ලෙසත් නියෝග කළේය.

අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව කියන සම්පත් මනම්පේරි විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
ඒ.ජේ.ඒ. අබේනායක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here