මිද්දෙණියෙන් සොයාගත් කෙමිකල් අයිස් නිෂ්පාදනයටම තමයි !

0
7

පසු ගියදා රට පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ ,මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමකින් සොයාගන්නා ලද රසායනික තොගය මෙතම්ෆෙටමින් (ICE) නිෂ්පාදනය සඳහා භාවිත කරන ද්‍රව්‍යයක් බව තහවුරු වී තිබේ .

ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය , පසුගිය සිකුරාදා බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශයට ඉදිරිපත් කරන ලද වාර්තාවක මෙම සොයාගැනීම සවිස්තරාත්මකව දක්වා ඇත.

නෙටොල්පිටිය සහ කඳාන ප්‍රදේශවලින් සොයාගත් රසායනික තොග ද පරීක්ෂාවට ලක්වෙමින් පවතින බවත්, ලබන සතියේ වාර්තා භාරදීමට නියමිත බවත් ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පවසා තිබේ .

මිද්දෙණිය ප්‍රදේශයේ මෙම රසායනික ද්‍රව්‍ය තොගය පිළිබඳව, දැනට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘බැකෝ සමන්ගෙ’න් ප්‍රශ්න කිරීමේදී සැප්තැම්බර් 5 වන දින අනාවරණය කරගෙන තිබිණි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here