මිතුරු වෙසින් ආ ඝාතකයා.. 

0
16


කිසියම් පුද්ගලයෙක් විශ්වාස කිරීමට, තමන්ගේ ජීවිතයේ වැදගත් අවස්ථාවන් ඔවුන් සමඟ බෙදාගැනීමට සහ වගකීම් පැවරීමට පෙර එක්වරක් නොව සියදහස් වරක් ඒ ගැන සිතා බැලිය යුතු බව මිතුරෙකු ලෙස පැමිණි හිත් පිත් නැති ඝාතකයෙක්ගේ අතින් කෲර ලෙස ඝාතනය වූ ස්ටීවන් බැක්ස්ටර් සහ කැරොල් බැක්ස්ටර් යුවළගේ ඛේදජනක ඉරණම අපිට යළි යළිත් මතක් කරනවා. 

නූතන වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා හෙළිවූ ස්වභාවික මරණයක් හෝ සියදිවි නසාගැනීමක් ලෙස සැඟවෙන්නට තිබූ සාහසික අපරාධයක සුළමුළ මෙලෙස ඔබ හමුවේ ගෙන එන්නයි අපේ අද මේ සූදානම. 

ස්ටීවන් සහ කැරොල් 

ස්ටීවන් සහ කැරොල් බැක්ස්ටර් කියන්නෙ ඉතාම නිස්කලංක විශ්‍රාම ජීවිතයක් ආදරණීයව ගත කරමින් සිය දරු මුණුපුරන්ගේ සුරතල් විඳිමින් කාලය ගත කරපු යුවළක්. 

ඔවුන්ගේ මිලියන ගණනක් වටිනා සුන්දර නිවහන පිහිටා තිබුණේ එංගලන්තයේ ඇසැක් හි සංචාරය කිරීමට සහ ජීවත් වීමට ඉතාම ගැළපෙන ප්‍රදේශයක් ලෙස ජනප්‍රිය මර්සි දිවයිනේයි. 

නාන කාමර සඳහා අවශ්‍ය උපාංග නිර්මාණය කරන සහ අලෙවිකරණ Cazsplash හි හිමිකරු වූ ස්ටීවන් බැක්ස්ටර් කිසිදු ගැටළුවකින් තොරව ජීවත් වීම සඳහා ඕනෑතරම් ප්‍රමාණවත් මුදල් උපයා තිබුණු අතර 2023 වර්ෂය වන විටත් ඔවුන්ගේ ව්‍යාපාර ඉතාම සාර්ථක ආදායම් උපයමින් ක්‍රියාත්මක වෙමින් පැවතුණා. 

නමුත්, වයසත් සමඟ ඕනෑම කෙනෙක්ට ඇතිවෙන ලෙඩ රෝග වලින් හැන්ගෙන්නවත් පැනල යන්නවත් අපිට බැහැ කියන සදාතනික සත්‍යයට මුහුණ දෙන්න කැරොල් බැක්ස්ටර්ට සිදුවුනේ ඇගේ තයිරොයිඩ ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවෙමින් පැවතුණ රෝගී තත්වයක් හඳුනාගන්න ලැබීමත් සමඟයි.

ඉඳහිට ඇතිවෙන සුළු සුළු අමතක වීම්, නිස්කාරනේ කලබලයට පත්වීම් සහ යම් දෙයක් පිළිබඳව එක්වරම අවධානය යොමුකළ නොහැකිවීම වගේ තත්වයන් හැරුණු විට එය ස්ටීවන්ගෙවත් කැරොල්ගෙවත් ජීවිත වලට දැඩි බලපෑමක් කලේ නැහැ. 

නිතරම හමුවෙන්න නොහැකි වුනත් හැකි සෑම විටම තමන්ගෙ දෙමව්පියන් මුණගැසී හෝ දුරකථනය ඔස්සේ ඔවුන් සමඟ සම්බන්ධ වීමෙන් ඔවුන්ගේ තොරතුරු විමසන්න බැක්ස්ටර් යුවළගේ එකම දියණිය එලී අමතක කරෙත් නෑ. 

නැවත නොපැණිනෙන පාස්කු ඉරිදාව

2023 වර්ෂයේ අප්‍රේල් මාසෙ 09 වෙනි පාස්කු ඉරිදා දින සවස තමන්ගෙ දෙමව්පියො ඉන්න නිවසට ආව එලී අම්මටයි තාත්තටයි තරමක් හඬනගා කතා කරත් කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නෑ. ඉන්පසු ඇය දිගින් දිගටම ඔවුන්ගේ නිවසේ දොරට තට්ටු කරත් එයිනුත් කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නෑ. 

නිවසේ ඉදිරිපස ජනෙල් වලින් නිවසේ ඇතුල බලන්න එලී ගත්ත උත්සහය ව්‍යාර්ත වුනේ රාත්‍රියේදී වසා දැමුණු තිර රෙදි ඒ වනතුරුත් විවෘත කරල තිබ්බෙ නැති නිසයි. 

මේ විදිහට කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම ගැන එලී වඩ වඩාත් කලබල වුනේ තමන්ගෙ දෙමව්පියන් දින දෙකකින් ඇයගේ දුරකතන ඇමතුම් වලට පවා ප්‍රතිචාර නොදක්වා තිබුණු නිසයි. 

ඇත්තටම දෙමව්පියන් බලන්න එන්න ඇය තීරණය කරෙත් ඒ හේතුව නිසාමයි. 

දෙමව්පියන්ට කතා කරමින්ම නිවසේ පිටුපසට ගිය එලී පිටුපස ජනෙල් වලින් නිවසට එබී බලද්දී දුටුවෙ දරුවෙක් තමන්ගෙ ජීවිතේ දකින්න අපේක්ෂා කරන දසුනක් නම් නෙමෙයි. 

තමන්ගෙ දෙමාපියන් බොහොම නිස්කලංකව පුටු දෙකක වාඩිවෙලා ඇස් පියාගෙන සුව නින්දක් ලබන ආකාරයට පෙනුනත් ඔවුන්ගේ කිසිදු චලනයක් හෝ හුස්ම ඉහළ පහළ යාමක් දකින්න ලැබුනෙ නෑ. 

ඇය කොතරම් හඬනඟා කෑගැසුවත් ඔවුන්ට ඇයව ඇසුනු බවක් පෙනෙන්න තිබ්බෙත් නෑ. 

තමන් මේ දකින දසුනේ කුමක් හෝ ගැටළුවක් ඇතිබව ක්ෂණිකයෙන්ම වටහා ගත්තු ඇය තමන්ගෙ දුරකථනයෙන් දුරකථන ඇමතුම් දෙකක් ලබාගත්ත. 

ඒ පළවෙනි දුරකථන ඇමතුම බැක්ස්ටර් යුවළගේ නිවසට නිවෙස් කීපයකට එහා ජීවත් වුණ පවුලේ හිතවතෙක් වුණ ලූක් ඩ්වෙට්ට සහ දෙවන ඇමතුම 999 පොලිස් හදිසි ඇමතුම් අංශයටයි. 

සිදුවී ඇති දෙය පොලිසියට විස්තර කරන විටත් එලී දැඩි ලෙස කලබලයට පත්වී සිටිය නිසා අතරමැදදී ඇමතුමට සම්බන්ධව සිදුවී ඇති දෙය විස්තර කිරීමට හැකි ඉක්මණින් එතනට පැමිණි ලූක්ට සිදුවුණා. 

බැක්ස්ටර් යුවළගේ ඉරණම

පොලිසිය එම ස්ථානයට පැමිණෙන විටත් එම ස්ථානයට පැමිණි පිරිස නිවසේ දොරවල් කඩා නිවසට ඇතුළු වී සිටියා.

බැක්ස්ටර් යුවළගේ නිසසල සිරුරු සීතල වී තිබුණු අතර ඔවුන් මියගොස් සිටි බව වෛද්‍යවරුන්ට දැකගන්න ලැබුණා. 

නිවසට ඇතුළු වූ සැණින් දැඩි ගෑස් ගන්ධයක් හැමූ බවත් පොලිසීයට නිරීක්ෂණය වී තිබුණා. 

කැරොල්ට ඇතිවී තිබූ අමතක වීමේ ගැටළුත් සමඟ ගෑස් උඳුන නිසිලෙස ක්‍රියා විරහිත කිරීමට අමතක වීම නිසා සිදුවූ ගෑස් කාන්දුව නිසා සිදුවූ මරණයක් ලෙස සැකකරත් බැක්ස්ටර් යුවළගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමුකරන්න පොලීසිය පියවර ගත්තා. 

ස්වභාවික මරණයක් ද? වැරදීමක් ද? ඝාතනයක් ද?

පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකල වෛදව්‍යරුන්ට ඔවුන් අපේක්ෂා කල පරිදි ගෑස් කාන්දුවී කාබන් මොනොක්සයිඩ් වැඩි ප්‍රමාණයක් ආශ්වාස වීම නිසා සිදුවූ මරණයක සාක්ෂි හමුවුනේ නැහැ.

ඒ වෙනුවට ඔවුන්ට හමුවුනේ ඖෂධ අධිමාත්‍රාවක් ශරීර ගත වීම නිසා සිදුවූ මරණවල සාක්ෂි පමණයි.

(ඔබේ ආරක්ෂාව ගැන සිතා ඒ ඖෂධ මොනවාද යන්න අපි මෙහිදී සඳහන් නොකිරීමට තීරණය කරන ලදී)

කෙසේ නමුත්, මේ ඖෂධ යම් මාත්‍රාවක් කැරොල් සිය රෝගී තත්වය වෙනුවෙන් දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමින් උපදෙස් සහ ප්‍රතිකාර ලබාගත් ලොස් ඇන්ජලීස් හි වෛද්‍ය ඇන්ඩ්‍රියා බෝගන් ගේ ස්වභාවික ඖෂධ වට්ටෝරු වල අඩංගු වූ බවත් පසුව සොයා ගැනුනා. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here