මිතුරු කණ්ඩායමේ රටවල් රැසක් ට්‍රම්ප් සමඟ ඍජුව ගැටේ – Saru News | සිංහල

0
3

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ඇමරිකාව සහ ඊශ්‍රායලයට හිතමිතුරු රාජ්‍යවල නෞකාවන්ට එල්ල කෙරෙන ඉරාන ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා නාවුක බලය යොදවන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ඉල්ලීම ඔහුගේ මිතුරු රටවල් රැසක් විසින් ඍජුව ම ප්‍රතික්ෂේප කර ඇත.

ජර්මනිය, ඉතාලිය, ජපානය, ඕස්ට්‍රේලියාව සහ ස්පාඤ්ඤය මෙන්ම, උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට හෙවත් නේටෝව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ රටවල් සහ සංවිධාන වේ.

ඇමරිකාව සහ ඊශ්‍රායලය ආරම්භ කළ මෙම යුද්ධයේ සිරකරුවෙකු බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පත් වී ඇතැයි දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන අතර එක කෙතෙක් සිරවීමක් ද යත් චීනයෙන් පවා ආධාර ඉල්ලා ඇතැයි එම විශ්ලේෂකයන් පෙන්වා දෙති.

ඉරාන ඉන්ධන කර්මාන්තය අලු කර දමන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කරමින් කාහ් දූපතේ ඉන්ධන බෙදා හැරීමේ මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල කරනු ලැබීය. මෙම තත්වය හමුවේ ඇමරිකානු ජනාධිපතිවරයාට එරෙහිව ඔහුගේ මිතුරු රටවල් පවා වේගයෙන් පෙළ ගැසෙමින් සිටින බවට නිරීක්ෂකයින් පෙන්වා දී ඇත.

0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here