මෑ කොළ මැල්ලුම

0
9


අවශ්‍ය ද්‍රව්‍ය:

  • මෑ කොළ අහුරු හතරක් පමණ
  • පොල් මිටක් හෝ දෙකක්
  • පොල්තෙල් බින්දු 4 හෝ 5
  • රතු ළුණු ගෙඩි 8
  • අමු මිරිස් කරල් 4 හෝ කොච්චි
  • කහකුඩු ස්වල්පයක්
  • ලුණු අවශ්‍ය පමණ

සාදන ආකාරය:

ගෙවත්තේ සිටවා ගත් මෑ කොළ වලින් තරමක් ලපටි කොළ කඩා ගන්නඔබ කෘමි නාශක නොදාන්නේ නම් වසක් විසක් නොමැති වේකොළ සෝදා ගෙන සිහින්ව කපා ගන්න.

කපාගත් කොළ වලට රතු ළුණුඅමු මිරිස් ලියා ගන්නලුණු කුඩුකහ ස්වල්පයක් දමා හොඳින් අනා ගන්නමැටි ඇතිලියකට තෙල් බිංදු කිහිපය දමා රත්වන විට සාදාගත් මැල්ලුම එකතුකර විනාඩි 3පමණ ඉතාම අඩු කාලයක් පිසගන්න.

ඔබට මේ සමඟ වෙනත් කොළ වර්ගයක් හෝ කිහිපයක් මිශ්‍ර කරගන්නටත් පුළුවන්කෙස් වැඩීමටත් සමේ පැහැය වැඩි වීමටත් මෙන්ම සිරුරට හොඳ පෝෂනයක්ද ලැබෙනවා.

දෙහි අවශ්‍ය නම් දෙහිද එක්කරගන්න

ගෙවත්තේ හෝ මිදුලේ පුංචි ඉඩක මෑ වැල් දෙක තුනක් සිටුවා ගැනීමෙන් කොළ මැල්ලුමක් ලෙස කරල් ව්‍යංජනයක් ලෙසද මෝරන ලද ඇට තම්බා ආහාරයක් ලෙසද ක්‍රම කිහිපයකට භාවිතා කරගන්නට හැකිය.

වැදගත් කරුණ වන්නේ කිසිම විටෙක කෘෂි රසායන භාවිතා නොකළ යුතු බවයිවගාවට කාබනික පොහොර හෝ අහිතකර නොවන පලිබෝධ ක්‍රම භාවිතා කරන්නට පුළුවන්.

– චම්මි –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here