මැලිබන් කුසලානය කාටද?තීරණය 20 වන දා ලොන්ඩන් පෙදෙසට

0
2

මෙවර මැලිබන් කුසලානය වෙනුවෙන් තරග වඳින ජාතික රගර් ලීග් සූරතාවලියේ අවසාන තරගයට මහනුවර කණ්ඩායම සහ සීආර්ඇන්ඩ්එෆ්සී කණ්ඩායම පැමිණ තිබෙනවා.වත්මන් සූරයන් වන සීආර් කණ්ඩායම එම සූරයාගේ ගෞරවය ඉකුත් වසරේ දිනා ගැනීමට පෙර සූරයන් වූ මහනුවර කණ්ඩායමට මෙවර සීආර් කණ්ඩායම දිනා සිටින සූරතාවය නැවත තමන් වෙත හිමි කර ගන්නට හොඳ අවස්ථාවක් හිමිව තිබෙනවා..තරගය පෙබරවාරි 20 වන දා රාත්‍රී 7.00 ට ලොන්ඩන් පෙදෙසේ පිහිටි සීආර්ඇන්ඩ් එෆ්සී ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝකය මධ්‍යෙය් පැවත්වීමට සියල්ල සූදානම් කර තිබෙනවා.එහි ප්‍රවේශ පත් බ්‍රහස්පතින්දා සිට ශ්‍රී ලංකා රග්බි මූලස්ථානය,33, ටොරින්ටන් පෙදෙස, කොළඹ 07 යන ස්ථානයෙන් ලබා ගත හැක අතර මේ සමඟ ඇති ඡායාරූපයට යොාදා ඇත්තේ ප්‍රවේශශපත්‍ර පිළිබද විස්තරයි.

එහෙත් තරගාවලියේ ලකුණු ලබා ගැනීමේදී මහනුවර කණ්ඩායම ඉදිරියෙන් සිටියත් මෙවර තරගාවලිය අපරාජිත කණ්ඩායම් දකින්නට නොලැබුණ තරගාවලියක් ලෙස හැඳින්විය හැකියි.ඒ නිසාම තියුණු සහ දියුණු වූ තරගාවලියේ මහනුවර කණ්ඩායම මූලික තරගවලදී දෙවරක්ම සීආර් කණ්ඩායම ඉදිරියේ පරාජය වී තිබෙන අතර සීආර් කණ්ඩායම ද හැව්ලොක් ක්‍රීඩා සමාජය ඉදිරියේද පරාජයට පත් වෙමින් එකිනෙකා අභිබවා යන්නට උත්සාහ කළ සටන්කාමී තරගාවලියක් බවට මේ තරගාවලිය පත් කර තිබෙනවා.

අවසාන තරගයේදී මෙවර දෙවරක්ම මහනුවර අභිබවා යන්නට සීආර් කණ්ඩායමට හැකි වීම නිසා මෙන්ම සිය ක්‍රීඩාංගණයේදී අවසාන තරගය පැවත්වීම කියන කාරණය ද සැළකිල්ලට ගත් විට සීආර් කණ්ඩායම ලොන්ඩන් පෙදෙසේ දී මේ තරගය පහසුවෙන් අත් හරිනු ඇතැයි සිතිය නොහැකියි.එසේම මහනුවර කණ්ඩායම යනු කලේ මාරු වුව පුල්ලි වෙනස් නොවන කොටියෙකුට සමාන කළ හැකි කණ්ඩායමක් බැවින්,ඔවුන් සතු සටන්කාමී සහ ශක්තිමත් අනන්‍යතාවය මත රැඳෙමින් මැලිබන් කුසලානයේ පහස විදීමට සීආර් කණ්ඩායමට නොදීමට කළ හැකි සෑම දෙයක්ම කරන බව ද නිසැකය.

මේ අවසාන මහා තරගය තරගාවලියේ සිටි සැබෑම දක්ෂයන් අතර කෙරෙන කවුරුන් ජය ගනීදැයි සිතීමට අපහසු තියුණු තරගකාරිත්වයක් අපේක්ෂා කළ හැකි තරගයක් වන අතර ශ්‍රී ලංකාවේ රගර් ප්‍රේමී ක්‍රීඩා ලෝලීන්ට විශිෂ්ට තරගයක් විඳීම සඳහා ලැබෙන දුලබ අවස්ථාවක් වනු සැක නැත.

The post මැලිබන් කුසලානය කාටද?තීරණය 20 වන දා ලොන්ඩන් පෙදෙසට appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here