මැල්සිරිපුර භික්ෂූන් වහන්සේලා හත් නමක් අපවත් වීමේ සිද්ධියට පාර්ලිමේන්තුව ශෝකය පළකරයි

0
6

මැල්සිරිපුර පන්සියගම නා උයන ථේරවාද බෞද්ධ ආරණ්‍ය සේනාසනයේ සිදු වූ හදිසි අනතුරින් භික්ෂූන් වහන්සේලා හත් නමක් අපවත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජය සහ පාර්ලිමේන්තුව වෙනුවෙන් ශෝකය පළ කරන බව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය සුනිල් සෙනවි මහතා පාර්ලිමේන්තුවේදී අද(25) ප්‍රකාශ’කළේය.
මෙම සිදුවීම හේතුවෙන් තවත් භික්ෂුන් වහන්සේලා හත්නමක් තුවාල ලබා ඇති අතර දෙදෙනකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද ඇමතිවරයා ප්‍රකාශ’කළේය.
අමාත්‍ය’සුනිල් සෙනෙවි මහතා මේ බව සඳහන් කළේ සිදුවූ’හදිසි අනතුර සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ’අමාත්‍යවරයා සඳහන් කළේ විදේශීය භික්ෂූන් වහන්සේලාගේ ආදාහන කටයුතු මේ රටේදීම සිදුකිරීමට ආරණ්‍ය සේනාසනයේ නායක හිමියන් ඉල්ලීමක් කර ඇති බැවින් ඒ වෙනුවෙන් අවශ්‍ය’කටයුතු සිදුකරමින් සිටින බවද ඇමතිවරයා පැවසීය.

සුනිල් සෙනවි මහතා මෙසේද ප්‍රකාශ කළේය.
මේ සිද්ධියෙන් තවත් හය නමක් තුවාල ලබලා තියෙනවා.එයින් දෙනමක් දැඩි සත්කාරයෙ ප්‍රතිකාර ලබනවා. අපවත්වී වදාළ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් රජය සහ පාර්ලිමේන්තුව වෙනුවෙන් ශෝකය පළ කර සිටිනවා. එම භික්ෂූන් වහන්සේලාගෙන් සිවු දෙනකු ශ්‍රී ලංකාවේ භික්ෂූන්වහන්සේලා. තුන්නමක් විදේශීය ස්වාමීන් වහන්සේලා. මල්වානේ ගම සමිද්ධි හිමි, නාවලපිටියේ උත්තරානන්ද හිමි, නුගේගොඩ විපස්සී හිමි, උඩවලවේ ශාන්ත සුමන හිමි ලංකාවේ භික්ෂූන් වහන්සේලා සිව් දෙනා. ඒ වගේම රුමේනියානු ජාතික ධම්මරන්සි හිමි, රුසියාවේ ධම්මරක්‍ඛිත හිමි, ඉන්දියාවේ ධම්ම ගවේෂී හිමි විදේශීය භික්ෂූන් තිදෙනා.
මේ තොරතුර ලැබුණු වෙලාවෙ ඉඳලාම අපි මැදිහත්වීම් කළා. නියෝජ්‍ය ඇමති ගම ගෙදර දිසානායක ඒ ස්ථානයට පිටව ගියා. වයඹ ආණ්ඩුකාරතුමා වයඹ සෞඛ්‍ය ලේකම්තුමිය අදාල වෛද්‍යවරුන් කඩිනම් මැදිහත්වීම් කරලා තියෙනවා.
විදේශීය භික්ෂූන් වහන්සේලාගේ අවසන් කටයුතු මේ රටේදීම කිරීමට ආරණ්‍ය සේනාසනයේ නායක හිමියන් ඉල්ලීමක් කරලා තියෙනවා. දැන් ඒ අවශ්‍ය කටයුතු කෙරෙමින්තිබෙනවා. ප්‍රතිකාර ලබන ස්වාමීන් වහන්සේලාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. අද රාත්‍රී ආදාහන කමිටුව රැස්වෙනවා. රජය මේ සම්බන්ධයෙන් ඉහළම මැදිහත්වීමකරනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:අපවත් වූ වදාළ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ශෝකයසංවේගය පළ කර සිටිනවා. අපිත් ඒ ආරණ්‍ය සේනාසනයටගොස් දාන මාන කටයුතු වලට සහභාගි වෙලා තියෙනවා.මේ සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීම අගය කොටසලකනවා. අපේත් අවශ්‍ය සහයෝගය දෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here