
කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ, අභිනවයෙන් තේරී පත් වූ 14 වන ලියෝ පාප්වහන්සේ හමු වී ඇත. මෙම හමුව පිළිබඳ විස්තර කොළඹ අගරදගුරු පදවිය විසින් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රසිද්ධ කර ඇත.
එම අවස්ථාවේදී, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ සහ රොබට් ප්‍රෙවොස්ට් පාප් වහන්සේ අතර සුහද කතාබහක් සිදු වූ අතර, එම හමුවේ ඡායාරූප අගරදගුරු පදවිය විසින් සිය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බෙදා හැර ඇත.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් අනතුරුව පැවති නව පාප්වරයෙකු තේරීමේ ක්‍රියාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ ද සහභාගි වූහ. දින දෙකක් පුරා පැවති ඡන්ද විමසීමෙන් පසුව, අමෙරිකානු ජාතික රොබට් ප්‍රෙවොස්ට් හිමිපාණන් නව පාප්වරයා ලෙස තේරී පත් විය.
අවුරුදු 69ක් වයසැති රොබට් ප්‍රෙවොස්ට් හිමිපාණන් 267 වන පාප්වරයා බවට පත් වූ අතර, උන්වහන්සේ 14 වන ලියෝ ලෙස හඳුන්වනු ලැබේ. මිෂනාරිවරයෙකු ලෙස වසර ගණනාවක් සේවය කළ රොබට් ප්‍රෙවොස්ට් හිමිපාණන්, මීට පෙර පේරු රාජ්‍යයේ අගරදගුරු පදවිය ද දරා ඇත.





Saru FM Media