මැයි 07 ජයග්‍රහණය ප්‍රජාතන්ත්‍රවාදීව හා සාමකාමීව සමරණ ලෙසත්, වංචාවට විරුද්ධව සමාජය නැගීසිටිය යුතු බවත් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ඇය මේ බව සඳහන් කළේ, හෝමාගම, කිරිවන්තුඩුව, දාම්පේ, නාවලමුල්ල, මාගම්මන යන ප්‍රදේශවල ඊයේ (02) පැවති ජනහමු අමතමිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය,
“තව වැඩ ගොඩක් තියෙනවා අපිට කරන්න. මූලිකම දේ අපේ අධ්‍යාපනය හරියට හදා ගන්න ඕන. ගුරුවරුන් හරියට පුහුණු කරගන්න අවශ්‍යයි. ගුරු පුරප්පාඩු නිවැරදිව පුරවන්න ඕන. අවුරුදු ගණනාවක් තිස්සේ ගුරු පත්වීම් හරියට දීලා නැහැ. විදුහල්පති පත්වීම් හරියට සිදු කරලා නැහැ. නඩු ගණනාවක් උසාවියේ තියෙනවා අධ්‍යාපන අමාත්‍යංශයේ සිදු වූ විවිධ අක්‍රමිකතාවලට විරුද්ධව.
වංචාව සමාජයෙන් ප්‍රතික්ෂේප වෙන්න ඕන, පාසලේ, රෝහලේ, වැඩබිමේ, කාර්යාලයේ, කඩපිලේ, හැමතැනකදිම ජනතාව වංචාවට විරුද්ධ වෙන්න ඕන. විශේෂයෙන්ම අපේ තරුණ කණ්ඩායම් වලට නැවත වතාවක් සාමූහික එකතු වෙලා කරන්න දේවල් තියෙනවා. සිහින තබා ගැනීම විතරක් නෙමෙයි සිහින යථාර්ථයක් කරන්න මහන්සි වෙන්න ඕන.
පසුගිය දිනවල විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ගේ ඛේදවාචකයක් අපිට ආරංචි වුණා. ඒ ගැන අපි අමාත්‍යංශයෙන් වගේම පොලීසියත් පරීක්ෂණ සිදු කරනවා. මෙවැනි සිද්ධි වලින් පේනවා සමාජයේ, විශ්වවිද්‍යාල පද්ධතියේ බැදීම් වල තිබෙන කඩා වැටීම, ඒ තත්වය අපි වෙනස් කරන්න අවශ්‍යයි.
කාලයක් තිස්සේ සැලැස්මක් නැතුව ගිය ආයතන තියනවා ඒවා නැවත ගොඩනගා ගන්න ඕන. මේ යන ගමනට කාටවත් විරුද්ධ වෙන්න බෑ. ශිෂ්ඨත්වයට ආදරේ කරන කෙනෙක්ට අපේ ගමනට විරුද්ධ වෙන්න බෑ. අන්න ඒකයි මේක තවත් එක ඡන්දයක් නෙමෙයි කියන්නේ.
පළමු වතාවට අපේ රටේ පාලකයන් සහ ජනතාව සම්බන්ධ වෙලා වැඩ කරනවා. ජනතාවට පාලකයන් පිලිබඳ විශ්වාසයක් ගොඩනැගිලා තිබෙනවා. ඒ විශ්වාසය රැකගෙන මේ රට හදන්න අපි කැප වෙලා ඉන්නවා.
ඔබෙනුත් බදු,වරිපනම් එකතු කරනවා ඇති. මෙච්චර කල් ඒ මුදල් සාක්කු වලට ගියා යළි ඔබේ මුදල් කාගෙවත් සාක්කු වලට යන්න අපි ඉඩ දෙන්නේ නෑ. ඒ මුදල් සේවාවක් ලෙස ඔබටම ලැබෙන්න සලස්වනවා.
අපි ශිෂ්ඨ සම්පන්න රටක් හදන්න යන ගමනක් මෙික. ඒක පැය විසි හතරෙන් කරන්න බැහැ. සැලසුම් සහගතව හරියටම ඒක කරන්න අවශ්‍යයි ඒ නිසා කාලයක් යනවා. රජය මොනවද කරලා තියෙන්නේ කියලා අහන අය ජනතාව ගැන හිතලා නෙමෙයි එහෙම අහන්නේ.
මැයි 7 වෙනිදා ඔබ ලබන ජයග්‍රහණය ප්‍රජාතන්ත්‍රවාදීව, සාමකාමීව සමරන්න, අපේ අලුත් පළාත් පාලන නියෝජිතයින් මහන්සි නිවාගෙන වැඩ කරන්න ලෑස්තිවෙන්න.
කවුරු කළබල වුණත්, කෑ ගැහුවත් රජයට අදාල නෑ. සැලසුමකට අනුව රජය ගමනක යනවා. රජය උත්තර දෙන්නේ ජනතාවට පමණයි.” යැයි අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසන්ත දොඩාවත්ත, අරුණ පනාගොඩ, රංගන ශිල්පී ප්‍රසන්නජීත් බේසූරිය ඇතුළු පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
කිරිවන්තුඩුව ජන හමුව
දාම්පේ ජන හමුව
නාවලමුල්ල ජනහමුව
මාගම්මන ජනහමුව
Saru FM Media