මැදින් පුර පසළොස්වක දිනය අදයි

0
2

සම්බුද්ධ ශාස­නය තුළ වැද­ගත් සිදු­වීම් රැසක් සිදු වූ මැදින් පුර පස­ළො­ස්වක පොහොය අදට (02) යෙදී ඇත.

බුදු­ර­ජා­ණන් වහන්සේ ප්‍රථම වරට තම උපන් ගම වන කිඹු­ල්වත් පුර­යට වැඩම කිරීම සිදු කළ දිනය ලෙසට මැදින් පුර පස­ළො­ස්වක පොහොය සැල­කෙයි. එදින ශාසන ඉති­හා­සයේ වැද­ගත් සිදු­වීම් රැසක් සිදුවී ඇත.

බුදු­ර­ජා­ණන් වහන්සේ සිය නෑදෑ හිත­මි­ත්‍රා­දීන්ට සහ ජන්ම භූමි­යට කෘත­ගුණ සැල­කීම සඳහා කිඹු­ල්වත් පුර­යට වැඩම කර සුද්ධෝ­දන රජුට දහම් දේශනා කර ඇත.

එහිදී උන්ව­හන්සේ සුද්ධෝ­දන රජ­තුමා ප්‍රමුඛ ශාක්‍ය­වං­ශි­ක­යන්ට ධර්මය දේශනා කරනු ලැබූහ.

යසෝ­දරා දේවිය උදෙසා චන්ද කින්නර ජාත­කය දේශනා කිරීම සහ රාහුල කුමා­රයා සහ නන්ද කුමා­රයා පැවිදි කර­වීම ද මැදින් පුර පස­ළො­ස්වක දිනයේ සිදු වූ සුවි­ශේෂී සිදු­වීම් වෙයි.

ශාසන ඉති­හා­සයේ මෙවන් සුවි­ශේෂී සිදු­වීම් රැසක් සිදු වූ මැදින් පුර පස­ළො­ස්වක පොහෝ දිනය මවු­පි­යන්ට ගෞරව කිරී­මට සැල­කී­මට කියා දෙන උතුම් වූ පුන් පොහෝ දින­යක් ලෙස ද සැල­කෙයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here