සියවස් දෙකකට ආසන්න කාලයක් ජාතිකත්ව ලෙස මෙරට ජනතාව බෙදා වෙන්කර ගෙන ගිය දේශපාලනය සහ එයට එරෙහිව සාමූහික පෙළ ගැසීම්,
පසුගිය ජනාධිපතිවරණය සහ මහ මහමැතිවරණය දක්වා විකාශනය වූ අකාරය ඡන්ද ප්‍රතිඵල සමග සංකලනය කරමින් සිදු කළ විශ්ලේෂණයක් සහිත “මැදමුලන වඩුක්කොඩෛ පෙරළා දැමීම” කෘතිය අප්‍රේල් 02 වන බදාදා සවස 3.00ට බස්නාහිර පළාත් සෞන්දර්යය නිකේතනයේ (නාඩා) දී ජනගත කෙරේ.
මෙම කෘතිය මාධ්‍යවේදී ලලිත් ප්‍රියදර්ශන දයාරත්න විසින් සම්පාදිතයි.
කෘතිය ජනගත කිරීමේ අවස්ථාවේ දී: “මලයගම් දමිළ ජනතාව සහ ඡන්දය” යන මැයෙන් වූ දේශනය පාර්ලිමේන්තුවේ විශ්‍රාමික භාෂා පරිවර්තක ක්‍රිස්ටෝපර් මහේන්ද්‍රන් විසින් ද, “අනූවෙන් පසු පරපුරේ දේශපාලනය” යන මැයෙන් වූ දේශනය කොළඹ විශ්විවද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය ඔසඳ ගුණරත්න විසින් ද, “වසා දැමූ ඉතිහාසයට එබී බැලීමක්” යන මැයෙන් වූ දේශනය ප්‍රවීණ මාධ්‍යවේදී විමල් කැටිපෙ ආරච්චි විසින් ද පවත්වනු ලැබේ.
මිනිස් ජීවිත පරඬැල් බවට පත් කළ ඉතිහාසය අලුතින් කියවා ගැනීම සඳහා සාහිත්‍ය සහ දේශපාලනයට ලැදි සියලු දෙනාට එදිනට එක්වන්නැයි සංවිධායක මණ්ඩලය විසින් විවෘත ආරාධනා කරනු ලබයි.
Saru FM Media