මැදපෙරදිග යුද විරාමය ශ්‍රී ලංකාව අගය කරයි – Saru News | සිංහල

0
3

මැදපෙරදිග තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම සහ ඒ සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත සාකච්ඡා පිළිබඳව ශ්‍රී ලංකා රජය සියලුම පාර්ශව වෙත සිය ප්‍රසාදය පළ කර තිබේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙය බටහිර ආසියානු කලාපීය නොසන්සුන්තාව සමනය කිරීමට ගත් තීරණාත්මක පියවරක් බවයි.

ස්ථිර විසඳුමක් සඳහා මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස රජය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

කලාපයේ සියලුම ප්‍රජාවන්ගේ දිගුකාලීන ස්ථාවරත්වය සහ ආරක්ෂාව සඳහා වන සාම ක්‍රියාවලියක වැදගත්කමද ශ්‍රී ලංකාව අවධාරණය කරයි.

මෙම සටන් විරාමය සඳහා රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් මැදිහත් වූ පාර්ශ්වයන්ගේ කාර්යභාරය සහ උත්සාහයන්ද ශ්‍රී ලංකා රජය අගය කර තිබේ.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here