මැදපෙරදිග යුද්ධය හමුවේ මෙරට ආර්ථිකය ගැන ආසියානු සංවර්ධන බැංකුවෙන් අනාවරණ‍යක්

0
4

මැදපෙරදිග යුද්ධය හමුවේ පොහොර මිල ගණන් ඉහළයාම තුළ ඉදිරි මාසවලදී ශ්‍රී ලංකාවේ ආහාරවල මිල ගණන් ද සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ආසියානු සංවර්ධන බැංකුව අනාවරණ කර තිබේ.

මේ අතර 5%ක අගයක පැවති ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය මේ වනවිට 4%ක් දක්වා පහළ වැටී ඇති බවද සඳහන්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ලිලියා ඇලෙක්සැන්යන්,

”උද්ධමනය ගිය වසරේ පැවතියේ ඍණාත්මක මට්ටමක. එය මේ වසරේදී 5.2%ක් දක්වා ඉහළ යනු ඇති. එය විදුලිය සහ ඉන්ධන මිල ඉහළ යාම කෙරෙහි බලපාන අතර ලබන වසරේදී එය 4%ක් දක්වා නැවතත් පහළ යනු ඇති. පොහොර මිල 50%කින් පමණ ඉහළ ගිහින් තිබෙනවා. මෙහි බලපෑම ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට බලපානවා.. මෙය ඉතාමත් තීරණාත්මක අභියෝගයක් වෙයි ආහාරවල මිල ගණන් ඉහළයාමටත්… පොහොර මිල, විදුලි බිල ඉහළ යයි.. ඒ නිසා අත්‍යවශ්‍යම සහන ලැබිය යුතු පිරිසට සහන ලබාදීම කෙරෙහි රජයේ අවදානය යොමුවිය යුතුයි.”

මෙහිදී අදහස් දක්වමින් ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධාන ආර්ථික කටයුතු නිලධාරී ලක්ෂිනී ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ මෙරට සංචාරකයින්ගේ පැමිණීම මාර්තු මාසයේදී 20%කින් පමණ පහළ ගොස් ඇති බවය.

එහිදී අදහස් දැක්වූ ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධාන ආර්ථික කටයුතු නිලධාරී ලක්ෂිනී ප්‍රනාන්දු මහත්මිය,

”මෙරට සංචාරකයින්ගේ පැමිණීම මාර්තු මාසයේදී 20%කින් පමණ පහළ ගොස් තිබෙනවා. මැදපෙරදිගින් විශාල සංචාරකයින් පිරිසක් මෙරටට නොපැමිණියොත් මෙරටට පැමිණීම සඳහා ගල්ෆ් කලාපයේ ගුවන් කලාපය භාවිත කරන සංචාරකයින්ගේ අඩුවීමක් දැකගන්න ලැබෙයි. මෙහි බලපෑම ඉදිරි මාස කිහිපයේදී දකින්නට ලැබෙයි.”

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here