මැදපෙරදිග යුද්ධය ඉදිරියටත් පැවතියහොත් ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවලට දැඩි බලපෑම්

0
3

මැදපෙරදිග මතුව ඇති යුදමය තත්ත්වයන් තවදුරටත් පැවතියහොත් ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල්වලට දැඩි බලපෑම් එල්ල වෙනු ඇතැයි ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ යුද්ධය අවසන් කිරීම සඳහා අදාළ රටවලට අවශ්‍යතාවයක් හෝ වුවමනාවක් පෙන්නුම් නොකරන බවත් මේ හේතුවෙන් ආසියාතික රටවල් දැඩි අර්බුදයකට මුහුණ දෙනු ඇති බවත්ය.

ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය විසින් ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කර මේ වන විට දින 36ක් ගතව ඇති බැවින් ඇතිව ඇති සහ ඉදිරියේදී මතුවන තත්ත්වයන් පිළිබඳවද අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මෙම තත්ත්වයන් තුළ ආසියාතික රටවල් දැඩි අභියෝගයන්ට මුහුණ දෙන බවත් මේ හේතුවෙන් එම රටවල් ඇතුළතින් ඇතිවන ප්‍රතිරෝධයද තවදුරටත් ඉහළ යා හැකි බවය.

එහිදී ආසියාතික රටවල් තුළ රටවල් ඇතුළතින් ඇතිවන සමාජ සහ දේශපාලන ප්‍රතිවිරෝධතාවයන්ද ත්‍රීව්‍ර වනු ඇති බවත් ඒ අනුව ආසියාතික රටක් වන ශ්‍රී ලංකාවද මෙම අභියෝගයන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

මැදපෙරදිග මතුව ඇති මෙම යුදමය තත්ත්වය හේතුවෙන් මතුව ඇති තත්ත්වය මේ වන විට ආර්ථික අර්බුදයක් කරා ගමන් කර ඇතැයිද එය ලෝක ආර්ථිකයට දැනෙමින් පවතින අර්බුදයක් දක්වා මේ වන විට ගමන් කර ඇති බවත් පෙන්වා දුන් ඒ මහතා මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එය ආර්ථික අවපාතයක් දක්වා ගමන් කරනු ඇති බවත් පැවසුවේය.

“මේ යුද්ධය නිසා ගෝලීය ආර්ථිකය තුළ සැපයුම්ජාල සහ ප්‍රධාන බලශක්ති මධ්‍යස්ථාන අක්‍රීය වීම නිසා දින 36ට එහා මේක ගියොත් වැඩිපුර බලපෑම ආසියාතික කලාපයේ රටවලට ලැබෙනවා. මොකද මැදපෙරදිග රටවල තෙල් වැඩිපුර පරිභෝජනය කරන්නේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, සිංගප්පූරුව ඇතුළු මේ ආසියාතික රටවල්. මේක තවදුරටත් වර්ධනය වුනොත් රටවල් ඇතුළේ තිබෙන ආර්ථික ප්‍රතිවිරෝධතාවයන් තවත් උත්සන්න කරනවා විතරක් නෙමෙයි සමාජ සහ දේශපාලන ප්‍රතිවිරෝධතාවයන්ද උත්සන්න කරනවා. ඒක තුළ අපේ රටවල් තුළත් යම් කිසි රාජ්‍ය බලය, ආණ්ඩු බලය තවදුරටත් පවත්වාගෙන යාම තියුණු අභියෝගයක් බවට පත්වෙන්න පුළුවන්.”

එමෙන්ම පවතින මෙම යුද ගැටුම් මේ මොහොත් හෝ ඉදිරි දින කිහිපය තුළ නතර වුවත් ලෝක ආර්ථිකය නැවතත් පැවති ස්ථානයට පැමිණිමට අවම වශයෙන් වසර 2කකට වැඩි කාලයක් ගතවනු ඇතැයිද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

“යුද්ධය නැවතුනත් නැවත ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට වසර 2ක් වැනී දීර්ඝ කාලයක් බොහෝ විට ඊට වඩා වැඩි කාලයක් යනවා. මොකද අපි දන්නවා කොවිඩ් වසංගතයෙන් ඇතිවෙච්ච බලපෑම, ලෝක ආර්ථික පසුබැස්ම තවම ආවරණය කරගන්න බැරිවෙලා තිබෙනවා. මේ තත්ත්වය මේකෙදි ඊට වඩා කිහිප ගුණයකින් වර්ධනය වෙන්න පුළුවන් මේ පවතින දින ගාන මාස ගාන දික්වීම තුළ.”

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here