අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර අදට (05) දින 37ක් ගත්වී තිබේ.
Update 07.15 | ඊශ්‍රායලය විසින් ඉරානයේ මහ්ෂහර් ඛනිජ රසායනික කලාපය ඉලක්ක කර ගනිමින් එල්ල ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තවත් 170 දෙනෙකු තුවාල ලබා තිබේ.
———–
Update 06.50 | විරුද්ධවාදීන්ට සහාය පළ කරන ඉහළ පෙළේ පුද්ගලයින් 100කට වැඩි පිරිසක්ගේ වත්කම් අත්පත් කරගැනීමට සහ බැංකු ගිණුම් අත්හිටුවීමට ටෙහෙරාන් අභිචෝදක කාර්යාලය නියෝග කර තිබේ.
———–
Update 06.35 | ජපානයේ තවත් නෞකාවක් ඉතා ආරක්ෂිතව හෝමූස් සමුද්‍ර සන්ධිය තරණය කර ඇති අතර එරටට අයත් තවත් නෞකා 45ක් පමණ එහි සිරවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
———–
Update 06.30 | මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ ඊජිප්තුවේ විදුලිබිල ඉහළ දැමීමට තීරණය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පැවසීය.
Saru News
















