මැදපෙරදිග ගුවන් අවකාශය වැසීමෙන් මෙරට සිරවී සිටින විදේශීයන් වෙනුවෙන් දින 07ක අතිරේක වීසා සහනයක්!

0
2

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW :

මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවර වාතාවරණය හමුවේ ගුවන් සීමාවන් වසා දැමීම හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළේ මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇත.

ඒ අනුව, එම කලාපය දෙසට ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් වාර රැසක් තාවකාලිකව අවලංගු කර ඇති අතර, දැනටමත් ගුවන්ගත වූ යානා කිහිපයකට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට සිදු වී ඇත.

කටුනායක ගුවන් තොටුපොළ කාර්ය බාර නිලධාරීවරයා පැවසුවේ, අද උදෑසන 06.15 වනවිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත ගුවන් ගමන් 18ක් සහ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ගුවන් ගමන් 25ක් මෙලෙස අවලංගු කර ඇති බවයි.

මෙම තත්ත්වය නිසා මෙරට සිරවී සිටින විදේශීය මගීන් වෙනුවෙන් දින හතක අතිරේක වීසා සහනයක් ලබා දීමට රජය පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත්, ආසියානු සහ යුරෝපීය රටවල් කිහිපයක් සඳහා ක්‍රියාත්මක වන ගුවන් ගමන්වලට මින් බාධාවක් සිදු නොවන බව වැඩිදුරටත් සඳහන් වේ. ගුවන් මගීන්ට අනවශ්‍ය අපහසුතා මගහරවා ගැනීම සඳහා ගුවන් තොටුපොළ නිල වෙබ් අඩවිය වන www.airport.lk ට හෝ අදාළ ගුවන් සමාගම් හරහා නවතම තොරතුරු පරීක්ෂා කරන ලෙස බලධාරීන් උපදෙස් ලබා දී ඇත.

The post මැදපෙරදිග ගුවන් අවකාශය වැසීමෙන් මෙරට සිරවී සිටින විදේශීයන් වෙනුවෙන් දින 07ක අතිරේක වීසා සහනයක්! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here