මැතිවරණ පැමිණිලි 900 ඉක්මවයි

0
11


පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ වන විට පැමිණිලි 944ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඊයේ පස්වරු 04යි 30න් අවසන් වූ ගත වූ පැය 24ක කාලය තුළ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 64ක්. ඉන් පැමිණිලි 61ක් ලැබී ඇත්තේ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළවයි. 

ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි එකක් සහ වෙනත් පැමිණිලි 02ක් ද ඒ යටතට අයත් බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ. 

ඒ අනුව මේ දක්වා ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාවෙන් පැමිණිලි 816ක් විසඳා තිබෙනවා. 

සෙසු පැමිණිලි 128 සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here