මැතිවරණ පැමිණිලි 3,200 ඉක්මවයි

0
8


පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ දක්වා පැමිණිලි 3,276ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඊයේ පස්වරු 04.30න් අවසන් වූ පැය 24 තුළ පමණක් පැමිණිලි 223ක් ලැබී ඇති බවයි එම කොමිසම පැවසුවේ. 

ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 03ක්, නීති උල්ලංඝණය කිරීම් පිළිබඳ පැමිණිලි 203ක් සහ වෙනත් පැමිණිලි 14ක් ඒ අතර වනවා. 

ඉකුත් මාර්තු 20 වනදා සිට ඊයේ දිනය දක්වා වාර්තා වී ඇති සමස්ත පැමිණිලි 3,276න් 3,034ක් නීති උල්ලංඝණය කිරීමේ සිද්ධීන්වලට අදාළ පැමිණිලි වන බවයි මැතිවරණ කොමිසම පැවසුවේ. 

ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පැමිණිලි 21ක් සහ වෙනත් පැමිණිලි 221ක් එම කාල සීමාව තුළ ලැබී ඇති බවද මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here