මැතිවරණ පැමිණිලි 300 ඉක්මවයි

0
13


පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඊයේ පස්වරු 04.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ පැමිණිලි 68ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 54ක් සහ වෙනත් පැමිණිලි 14ක් එලෙස ලැබී ඇති බවයි එම කොමිසම අද දිනයේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ.

ඒ අනුව ඉකුත් 20 වනදා සිට ඊයේ දිනය දක්වා වාර්තා වී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 302ක්. ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 02ක්, නිති උල්ලංඝණය කිරීම් පිළිබඳ පැමිණිලි 274ක් සහ වෙනත් පැමිණිලි 26ක් ඒ අතර වන බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here