මැතිවරණ පැමිණිලි 1,500 ඉක්මවයි

0
10


පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ වන විට පැමිණිලි 1,591ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 

ඊයේ පස්වරු 04යි 30න් අවසන් වූ ගතවූ පැය 24ක කාලය තුළදී ලැබී ඇති පැමිණිලි ගණන 101ක්. 

එම පැමිණිලි ලැබී ඇත්තේ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළව සහ වෙනත් පැමිණිලි යටතේයි. 

ඒ අනුව නීතී උල්ලංඝණය කිරීම් 94ක් සහ වෙනත් පැමිණිලි 07ක් ලැබී තිබෙනවා. 

මේ වන විට ලැබී ඇති සමස්ත පැමිණිලිවලින් විසඳා ඇති පැමිණිලි ගණන 1,406ක්. 

සෙසු පැමිණිලි 185 සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here