මැතිවරණ පැමිණිලි 1,387ක් දක්වා ඉහළට

0
24


පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ වන විට ලැබී ඇති පැමිණිලි 1,387ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ ඉකුත් මාර්තු මස 20 වනදා සිට ඊයේ දිනය දක්වා එම පැමිණිලි ලැබී ඇති බවයි. ඒ අනුව ඊයේ දිනයෙන් අවසන් වූ ගතවූ පැය 24 තුළදී පමණක් පැමිණිලි 53ක් ලැබී තිබෙනවා. 

එක් ප්‍රචණ්ඩ ක්‍රියාවක්, නීති උල්ලංඝණය කිරීම්වලට අදාළව පැමිණිලි 48ක් සහ වෙනත් පැමිණිලි 04කට අදාළව එම පැමිණිලි ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ. 

ලැබී ඇති සමස්ත පැමිණිලිවලින් 1,214ක් මේ වන විටත් විසඳා අවසන් බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here