මැතිවරණ නීති කැඩූ දෙදෙනෙකු අත්අඩංගුවට

0
10


මැතිවරණ නීති උල්ලංඝණය කළ සැකකරුවන් දෙදෙනෙකු ඉකුත් පැය 24 තුළ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මැතිවරණයට තරඟකරන අපේක්‍ෂකයෙකු හා ආධාරකරුවෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ. 

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව අද උදෑසන 06න් අවසන් වූ පැය 24 තුළ පැමිණිලි 08ක් ලැබී ඇති බවද පොලීසිය පැවසුවා. 

මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිලි 04ක් සහ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 04ක් ඒ අතර වන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here